නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - මව්බිම එතෙර

රුසියානු ගුවන්යානයක් සයිබිරියවේදී අනතුරට ලක්වෙයි  👤1208

2016-12-19 11:37:27

රුසියානු ආරක්ෂක අමාත්‍යංශයට අයත් IL-18 වර්ගයට අයත් ගුවන්යානයක් සයිබිරියවේදී මගීන් 39ක් සමගින් අනතුරට පත්වී තිබේ.

ඉන්දුනීසියාවේ ගුවන් යානයක් කඩාවැටේ  👤1105

2016-12-18 13:44:11

ඉන්දුනීසියානු ගුවන් හමුදාවට අයත් Hercules C-130 අහස්යානය දිවයිනේ නැගෙනහිර ප්‍රදේශයේදී කඩාගෙන වැටී ඇති බවත් එහි ගමන්ගත් සියලුම මගින් මියගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජයලලිතාගේ තැන සසිකලාට  👤1674

2016-12-16 10:25:06

තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම්ගේ අභාවයෙන් පසු හිස් වූ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂයේ නව නායිකාව ලෙස සසිකලා නටරාජන් පත්කළ බව පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක සී. පොන්නයියන් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතට ප්‍රකාශ කර ඇත.

චීන අධිරාජ්‍ය මුද්‍රාව $ මිලියන 22 කට වෙන්දෙසිවේ  👤1350

2016-12-15 12:43:10

විසි වතාවක් පමණ මිල ඇස්තමේන්තු කිරීමෙන් පසු 18 වන සියවසට අයත් චීන අධිරාජ්‍ය මුද්‍රාව පසු ගිය දිනක ඩොලර් මිලියන 22 කට වෙන්දේසි වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පැල්මයිරා නගරය විනාශකරද්දී බටහිර නිහඬයි -අසාද්  👤1192

2016-12-14 17:58:39

අලෙප්පෝ හි වෙසෙන සාමාන්‍ය වැසියන් පිලිබඳ සොයාබැලීමේ සැබෑ උවමනාවක් බටහිර රටවල්වලට නැතිබව සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් පවසයි.

අලෙප්පෝ: "සාමාන්‍ය වැසියන්ගේ ජීවිත අනතුරේ"  👤1173

2016-12-13 15:01:45

සිරියාවේ අලෙප්පෝ නගරයේ පවතින සටන් අවසානයක් කරා ළඟා වෙමින් තිබියදී එහි වෙසෙන සාමාන්‍ය වැසියන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන මෙන් එක්සත් ජාතීන් සහ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය ඉල්ලා සිටියි.

වර්දාහ් කුණාටුව තමිල්නාඩුවට  👤1442

2016-12-12 14:15:25

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්. බාලචන්ද්‍රන් මහතා පවසන පරිදි දැනට මෙම වර්දාහ් (Vardah Storm) කුණාටුව චෙන්නායි හි නැගෙනහිර සිට කිලෝමීටර 180කට දුරින් පවතින අතර දිවා කාලයේදී එය චෙන්නායි වෙත ලඟා වේ යැයි බලපොරෝත්හු විය හැකි බවයි.

මරාගෙන මැරෙන ළමා බෝම්බ කරුවන් දෙදෙනෙක්  👤1972

2016-12-12 13:33:15

උතුරු-නැගෙනහිර නෛජිරියාවේ වෙළඳපොලක වයස අවුරුදු 7ක් සහ 8ක් වන කුඩා ගැහැණු ළමුන් දෙදෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ලෙස භාවිතා කර ප්‍රහාරයක් එල්ල කර ඇති බවට විදෙස් ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටියි.

'ට්‍රම්ප්ට සහය දීමට ඡන්දදායකයන් පෙළඹුවේ රුසියාවයි'  👤746

2016-12-10 14:49:06

ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහය පළ කිරීමට ඡන්ද දායකයන් පොළඹවා ගැනීම පිණිස රුසියාව මැදිහත්වූ බව ඇමරිකානු රහස් ඔත්තුසේවා සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන මගින් සනාථකළ බව වාර්තාවේ.

ප්‍රධාන පුවත් දකුණු කොරියානු පාර්ලිමේන්තුව ජනපතිනියට එරෙහිවෙයි  👤898

2016-12-09 17:26:11

දකුණු කොරියානු ජනාධිපතිනී පාර්ක් ගුන් හේට එරෙහිව ඉදිරිපත් කෙරුණු දෝෂාභියෝග යෝජනාවකට එරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කළහ.

පාකිස්තානු ගුවන්යානයක් කඩාවැටේ  👤2218

2016-12-08 10:49:33

පකිස්තානු ගුවන් අනතුරට හේතුව ගුවන්යානයේ එන්ජීමේ ඇති වූ ගැටලුවක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

ඉන්දුනීසියාවේ භුමි කම්පාවක්  👤2144

2016-12-07 10:04:24

ඉන්දුනිසියාවේ රික්ටර් මාපක 6.4 ක භුමි කම්පාවක් අද උදැසන 5.00 ට පමණ  සුමාත්‍රා දිවයින ආශිතව වාර්තා වී ඇත. 

තායිලන්තයට ගංවතුර  👤1691

2016-12-06 14:19:58

තායිලන්තයේ ඇතිවී තිබෙන ගංවතුර තත්වය නිසා මේවනවිට 14 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

පකිස්තානයේ හෝටලයක ගින්නක්  👤1513

2016-12-05 17:15:35

පකිස්තානයේ කරාචි හි තරු 4, රිගන්ට් ප්ලාසා ( Regent Plaza ) හෝටලයේ අද උදෑසන ඇති වූ හදිසි ගින්නක් හේතුවෙන් 11 කට අධික පිරිසක් මියගොස් 75 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවට විදෙස් ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටියි.

 

ජයලලිතාට අසාධ්‍යයිලු  👤1608

2016-12-05 16:22:26

හදවත් රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන ඇමතිනි ජයලලිතා ජයරාම්ගේ තත්වය අයහපත් අතට හැරී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්