නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - ක්‍රීඩා

ශ්‍රී ලංකා -බංගලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගයේ නායකත්වය හේරත්ට  👤361

2017-02-28 13:05:13

ලබන සතියේ දී පැවැත් වීමට නියමිත ශ්‍රී ලංකා -බංගලාදේශ ටෙස්ට් තරගය දෙකෙහි කණ්ඩායම් නායකත්වයට රංගන හේරත්ට පත් වේවි යැයි ඊයේ (27) දින ශ්‍රී ලංකා ක්‍රිකට් කවුන්සිල් ආරංචි මාර්ග සදහන් කරයි.

අන්තර් පාසල් පළමු පෙළ රග්බි තරගාවලිය  👤652

2017-02-28 09:18:26

සිංගර් කුසලාන අන්තර් පාසල් පළමු පෙළ රග්බි තරගාවලිය ආරම්භ කරමින් පසුගිය සති අන්තයේදී පැවැති තරගවලදී ගල්කිස්ස ශා. තෝමස්, කොළඹ රාජකීය, ඉසිපතන යන කණ්ඩායම් ජය අත්කර ගැනීමට සමත් විය.

මැතිව්ස්ට බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියත් අහිමි වෙයි  👤1928

2017-02-27 10:30:48

නිමාවූ දකුණු අප්‍රිකානු සංචාරය තුළදී නැවත වරක් පාදයේ ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ආබාධ තත්ත්වය මේ වනතෙක් සම්පූර්ණ සුව අතට පත් නොවීම හේතුවෙන් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන 07 වැනිදා ආරම්භ වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගය සඳහා මැතිව්ස් සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ඒ.බී ඩිවිලියස් එක්දින ලකුණු 9000 පසු කළ වේගවත්ම පිතිකරු බවට පත්වෙයි  👤454

2017-02-25 14:24:07

ජනප්‍රිය දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ඒ.බී ඩිවිලියස් එක්දින ලකුණු 9000 පසු කළ ලොව වේගවත්ම පිතිකරු බවට පත්ව තිබෙනවා.

ක්‍රිකට් ලෝකෙ රත්කරපු මාලිංගගෙ ගැජට් එක  👤832

2017-02-25 12:27:42

විටෙක ජයග්‍රහණයේ අන්තයටත්, විටෙක පරාජයේ අන්තයටත් දෝලනය වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගමන් කරන මාර්ගය දෙස බොහෝ දෙනා මේ දිනවල බලා සිටින්නේ මහත් උනන්දුවෙනි. පසුගියදා නිමාවූ දකුණු අප්‍රිකානු තරග සංචාරයේ එක්දින සහ ටෙස්ට් යන තරගාවලි ද්විත්වයේදී පරාජයේ පතුලටම ඇද වැටී, විස්සයි -20 තරගාවලිය පමණක් තරග 2-1ක් ලෙස ජය ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ පැවැති විස්සයි -20 තරග සංචාරය තරග 2-1ක් ලෙස ජය ලබමින් සාර්ථකව නිම කිරීමට සමත්වුණි.

පානදුර-කළුතර තරග පාවාදීමේ චෝදනා විභාගයට විනය කමිටුව අදත් රැස්වෙයි  👤1476

2017-02-23 11:35:38

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවන ලද පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ 'බී' අංශයේ තරගයකදී තරග පාවාදීමක් සිදුවූ බවට චෝදනා එල්ල වූ අතර ඊට අදාළව පත්කළ විනය කමිටුව දෙවැනි වරටත් අද දිනයේදී රැස්වන බව වාර්තා වේ.

සිවුකොන් පාපන්දු තරගාවලියක් ලබන මාසයේ ලංකාවේදී  👤1632

2017-02-23 09:45:23

ශ්‍රී ලංකාව, ජපානය, භූතානය හා නේපාලය යන රටවල අවුරුදු 16න් පහළ සිවුකොන් පාපන්දු ශූරතාවලියක් එළැඹෙන මාර්තු මස 11වැනිදා සිට 14වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් සුදුසුකම් ලැබීමේ තරගාවලිය  👤1235

2017-02-22 12:06:22

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ කොළඹ පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති අයි.සී.සී. (ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල) කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් තරගයේදී ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම පරදා කඩුලු 01 ක ජයක් අත් කර ගැනීමට ඉන්දියාව සමත් විය.

පාකිස්තානු සුපර් ලිග් 2017 තරගාවලිය ක්‍රීඩකයන් තිදෙනෙකු ප්‍රතික්ෂේප කරයි  👤1922

2017-02-21 14:00:52

පකිස්ථානයේ ලාහෝ නගරයේ පැවැත්වීමට නියමිතව තිබු පාකිස්තානු සුපර් ලීග් (PSL -2017) ක්‍රිකට් තරගාවලිය ට, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල් යන අය සහභාගී වීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

නිරෝෂන් දික්වැල්ලට තරග තහනමක්  👤1435

2017-02-21 11:30:55

ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ICC නිර්ණායක උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අද (21) දින තරග තහනමකට ලක්ව ඇත.

අපේ කණ්ඩායමක් පෙන්වූ ඉහළම දස්කම එයයි  👤1625

2017-02-21 10:55:00

ශ්‍රී ලංකාවට කඩුලු 2ක තියුණු ජයක් අත් කර දෙමින් පසුගියදා නිමා වූ ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා දෙවැනි විස්සයි -20 තරගයේදී, ශ්‍රී ලංකා කණ්ඩායමක් විස්සයි-20 තරගයකදී මෙතෙක් දක්වා ඇති ඉහළම දස්කම් දැක්වීමට සමත්වූ බව හිටපු නායක කුමාර් සංගක්කාර පවසයි.

ලෝක ශූරතා බයිසිකල් තරගාවලියේ රිදී පදක්කම නෙල්සන්ට  👤703

2017-02-18 17:00:23

කොලම්බියාවේ පැවති ලෝක ශුරතා බයිසිකල් තරගාවලියේ රිදී පදක්කම එමිලි නෙල්සන් විසින් මහා බ්‍රිතාන්‍යයට රැගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියානු තරගෙයෙන් ලංකාව ජය ගනී  👤1307

2017-02-17 18:00:56

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවති T-20 පළමු තරගාවලියේ ලකුණු 168 ට 172ක් ලෙස ශ්‍රී ලංකාව ජය අත්පත්කරගනී.

පළමු පෙළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය නව මුහුණුවරකින් ඇරැඹෙයි  👤1841

2017-02-17 13:48:15

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙවර නව ආරකින් සංවිධානය කරනු ලබන පළමු පෙළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය හෙට (18දා) සිට මාර්තු 12 වැනිදා දක්වා පැවැත්වේ.

ලෝක හමුදා දිනය සමරන මාර්ග ධාවන තරගය හෙට  👤1763

2017-02-17 10:01:22

ලෝක හමුදා දිනය වෙනුවෙන් අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල මාර්ග ධාවන තරගය 18 වැනිදා (හෙට) ගාලු මුව‍ෙදාර පිටියේදී පැවැත්වීමට නියමිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්