නැවතත් මුල් පිටුවට

මව්බිම දැන් - දේශපාලන

අද දවල් 12ට නාම යෝජනා අවසන්  

2017-12-14 10:40:09

පළාත් පාලන ආයතන 93ක ඡන්ද විමසීම සඳහා නාම යෝජනා භාර ගැනීම අද (14දා) දහවල් 12.00ට අවසන් වේ.

ඒකාබද්ධයේ මන්ත්‍රිවරු පිරිසක් සමඟ පක්ෂ කීපයක 68ක් මෛත්‍රිට සහාය දීමට සැරැසෙති  

2017-12-13 15:31:47

හිටපු කැබිනට් ඇමැතිවරයකු ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු කණ්ඩායමක් සමඟ දේශපාලන පක්ෂ කිහිපයකට සම්බන්ධ 68 දෙනකු ඉදිරි පළාත් පාලන ඡන්දයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජය තහවුරු කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ අද හෙටම එක්වෙති.

තැපැල් ඡන්ද අයදුම් කාලය 22දා දක්වා දීර්ඝ කෙරේ  

2017-12-13 14:50:21

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්කිරීමේ කාලය දෙසැම්බර් 22දා දක්වා දීර්ඝ කිරීමට කටයුතු කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

ප්‍රශ්නෙ විසඳන්න අමුණුගම ප්‍රමුඛ කමිටුවක්  

2017-12-13 11:24:53

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දින කිහිපයක් පුරා ක්‍රියාත්මක වන දුම්රිය වර්ජනය පිළිබඳව සොයා බැලීම සඳහා අමාත්‍ය, ආචාර්ය සරත් අමුණුගම මහතාගේ සභාපතීත්වයෙන් යුත් සිවු පුද්ගල කමිටුවක් පත්කොට තිබේ.

පොදු මඟී ජනතාවගේ අපහසුතාවය සැළකිල්ලට ගෙන සේවයට වාර්තා කරන්න  

2017-12-12 13:30:21

විභාග අපේක්ෂිත පාසල් සිසු දරුවන් මෙන්ම පොදු මගී ජනතාව පත්වන අපහසුතා සැළකිල්ලට ගෙන සේවයට වාර්තා කරන්නැයි වර්ජනයට එක්ව සිටින දුම්රිය රියදුරන් ඇතුළු සියලු කාර්යමණ්ඩලවලින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉල්ලා සිටී.

එජනිස අපේක්ෂකයන් නාම යෝජනා බාරදීම අද  

2017-12-12 11:38:42

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ නාම යෝජනා සහතික කිරීමේ කටයුතු පෙරේදා (10දා) සහ ඊයේ (11දා) සිදුකළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා පවසයි.

සුරා බදු (සංශෝධන) ආඥා පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට  

2017-12-11 13:43:13

සුරාබදු (සංශෝධන) ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත අද (11) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

නාම යෝජනා අද සිට  

2017-12-11 11:25:14

පළාත් පාලන ඡන්ද විමසීම සදහා නාම යෝජනා භාර ගැනීම අද (11දා) සිදු කෙරේ.

ගම හදන ජවිපෙ සටන කොළඹින් ඇරැඹෙයි  

2017-12-09 12:21:44

• ජනතා විමුක්ති පෙරමුණේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන් කැඳවන ජාතික සමුළුව ලබන (17දා) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ඡන්ද අපේක්‍ෂකයන් පසුපස පොලිසිය  

2017-12-09 11:49:08

පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ නාම යෝජනා ලැයිස්තු ලැබීමෙන් අනතුරුව එක් එක් අපේක්ෂකයන්ගේ පසු විපරමක් සිදු කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.

නීල හරිත අයවැය - ඡන්දය විමසීම අදයි  

2017-12-09 10:12:33

යහපාලන රජයේ නීල හරිත අයවැය 2018 තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසුම අද (09) දිනයේ පැවැත්වීමට නියමිතය.

අමාත්‍යාංශ හයක වැය ශීර්ෂ විවදයට  

2017-12-08 09:30:36

විසර්ජන පනත් කෙටුම්පත 2018 විවාදයේ විසි තුන්වැනි වෙන් කළ දිනය (08) අදයි. විශේෂ කාරක සභා වර්තා සළකා බැලීමේ විවාදය අද පැවැත්වෙයි.

දළ පූට්ටුවාගේ මරණය - දැඩි දඬුවම් හා නීති සංශෝධනය කළ යුතුයි  

2017-12-06 15:35:02

ගල්ගමුව දළ පූට්ටුවාගේ ඝාතකයන් අනාවරණය කරගැනීමෙන් අනතුරුව ඔවුන් සඳහා මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු බවත් වන අලි ඇතුන්ගේ මෙන් ම සෙසු වනජීවින්ගේ ආරක්ෂාව වෙනුවෙන් වනජීවි ආඥා පනත වහාම සංශෝධනය කළ යුතු යැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

'ගිංතොට' හිත් බීදීම් සමනය කිරීමට ආගමික නායකයින්ගෙන් යුත් කමිටුවක්  

2017-12-05 14:26:36

පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව වගකීමෙන් කටයුතු කිරීම නිසා පසුගිය දා ගිංතොට ඇති වූ සිදු තත්ත්වය පාලනය කිරීමට හැකි වූ බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නයක මහතා අද (5) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පුංචි ඡන්දය පවත්වන දිනයේ තීරණය රනිල්ගේද? දේශප්‍රියගේද?  

2017-12-05 13:51:21

මැතිවරණ කොමිසමේ රාජකාරි කටයුතුද පවරාගැනීම හරහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සෘජුවම එම කොමිසමට බලපෑම් සිදුකරන බවට පිවිතුරු හෙළ උරුමය චෝදනා කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

TODAY CARTOON

mawbima Cartoon