සුනාමි තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

  👤  350 readers have read this article !
Published by : MB WEB 2018-12-23 18:36:49

ඉන්දුනීසියාවට බලපෑ සුනාමි තත්ත්වයකින් පුද්ගලයින් 222 දෙනෙකුට වඩා මියගොස් තවත් 843 දෙනෙකු තුවාල ලබා තිබේ.

මේ හේතුවෙන් තවත් පිරිසක් අතුරුදන්ව සිටින අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව එරට බලධාරීන් පවසයි.

ඉන්දුනීසියාවේ සුන්ඩා සමුද්‍රසන්ධිය වටා වෙරළබඩ ප්‍රදේශයට බලපෑ සුනාමි තත්ත්වයකින් පුද්ගලයින් රැසක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව එරට ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.

ඉන්දුනීසියාවේ පිහිටි "ක්‍රැකටෝවා ගිනිකන්ද" සක්‍රිය වීමෙන් මුහුදු පත්ලේ සිදුවූ නාය යාමක් සුනාමි තත්ත්වය ඇති වීමට හේතුවී තිබේ.

මුහුදු පත්ලේ සිදුවන නාය යාම් හේතුවෙන් සුනාමි තත්ත්වයන් ඇති වීම ඉතා දුර්ලභ බව විද්‍යාඥයින් සඳහන් කරයි.

ඊයේ රාත්‍රි සිදු වූ මෙම සුනාමි තත්ත්වය හේතුවෙන් ගොඩනැගිලි රාශියකට හානි සිදුවී ඇති අතර ජල ගැලීම් තත්ත්වයක්ද හටගෙන ඇති බවයි එරට ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ.

ඉන්දුනීසියාව පිහිටා ඇත්තේ 'ගිණි වළල්ල' ලෙස හඳුන්වන නිරන්තරයෙන් භූකම්පන ඇතිවන ප්‍රදේශයක වන අතර ලෝකයේ සක්‍රීයව පවතින ගිනි කඳු අතරින් අඩකට වැඩි සංඛ්‍යාවක් මෙම ගිණි වළල්ල ඇතුළත පිහිටා තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon