උගන්ඩාවේ බස් අනතුරකින් 19 ක් මරු‍ට

  👤  1366 readers have read this article !
Published by : MB WEB 2018-12-19 13:54:42

උගන්ඩාවේ නැගෙනහිර පළාතේ සිදු වූ බස් අනතුරකින් රාජ්‍ය නොවන සංවිධානයක සාමාජිකයින් 19 දෙනෙකු මිය ගොස් ඇති අතර 6 දෙනෙකු තුවාල ලබා තිබේ.

රියදුරුගේ පාලනයෙන් තොරවූ බස් රථය ප්‍රපාතයට පෙරලීමෙන් මෙම අනතුර සිදු වී ඇත.

ඇමෙරිකානු රාජ්‍ය නොවන සංවිධානයක කාර්ය මණ්ඩලය වාර්ෂික සාදයකට සහභාගීවීමට යමින් සිටියදී මෙය සිදු වී ඇති බව පොලිසිය පවසයි.

උගන්ඩාවේ අනතුරුදායක රිය පැදවීම් නිසා නිතර අනතුරු ඇති වන අතර මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් දුර්වල තත්ත්වයක් ඇති රටකි.

ප්‍රවාහන අමාත්‍යංශයේ සංඛ්‍යා ලේඛන අනුව 2015 සිට 2017 දක්වා උගන්ඩාවේ සිදුවූ අනතුරු වලින් මිනිසුන් 9,500 අධික පිරිසක් මියගොස් ඇති අතර එය සෑම වසරකම නරක තත්ත්වයට පත්වෙමින් පවතින බව වාර්තා වේ .

පසුගිය අවුරුද්දේ මාර්ග අනතුරු වලින් දිනකට මිනිසුන් 10ක් මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ වාර්තාවකින් හෙළි වී ඇත.

උගන්ඩාව මාර්ග අනතුරු සඳහා ඩොලර් බිලියන 1.2 ක මුදලක් වියදම් කරන අතර එය එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට පහක අගයකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon