Androidලාට Googleගෙන් අනතුරු ඇඟවීමක්

  👤  1707 readers have read this article !
Published by : MB WEB 2018-12-19 16:03:13

ඇන්ඩේ‍රායිඩ් අයිස්ක්‍රීම් සැන්ඩ්විච් මෙහෙයුම් පද්ධතිය භාවිත කරන අයට නම් මේක එච්චර සුබ ආරංචියක් නෙවෙයි. ගූගල් ආයතනය විසින් මීට දින කිහිපයකට කලින් නිවේදනය කරලා තිබුණා 2011දී රිලීස් කරපු ඇන්ඩේ‍රායිඩ් අයිස්ක්‍රීම් සැන්ඩ්විච් version එකට තව දුරටත් Play store සහාය දක්වන්නේ නෑ කියලා.

මේකට හේතුව තමා අයිස්ක්‍රීම් සැන්ඩ්විච් මෙහෙයුම් පද්ධතිය භාවිත කරන පිරිස් දැන් අඩුවෙමින් යන එක. (හරියට windows xp මෙහෙයුම් පද්ධතිය වගේ) ඉතින් මේ හේතුව මත එයාලගේ ගූගල් ප්ලේ ඇප් එක Android ICS වලට සපෝට් කරන එක නතර කරලා තියෙනවා. ඉතින් ඔයාලා ගාව තියෙන්නෙත් පරණ ඇන්ඩේ‍රායිඩ් වර්ෂන් එකක් තියෙන ෆෝන් එකක් නම් ඉක්මනටම අලුත් එකකට මාරු වෙන එක ඇඟට ගුණදායක වෙයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon