දාහත් දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා පිල නවසීලන්තයට

  👤  1200 readers have read this article !
Published by : MB WEB 2018-12-05 14:16:58

ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග තුනක් හා එක් විස්සයි-20 තරගාවලියකට සහභාගි වීම සඳහා 17 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය 03දා රාත්‍රියේදී ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියේය.

දින 40කට ආසන්න කාලයක් නවසීලන්තයේ ගත කරන ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ටෙස්ට් තරගයට පෙර මුහුණ දෙන එකම තෙදින පුහුණු තරගය 8 වැනිදා සිට 10 වැනිදා දක්වා නේපියර්හිදී පැවැත්වීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් දෙපිල අතර පළමු ටෙස්ට් තරගය 15 වැනිදා සිට 19 වැනිදා දක්වා වෙලිංටන්හිදීත්, දෙවැනි ටෙස්ට් තරගය 26දා සිට 30 වැනිදා දක්වා ක්‍රයිස්චර්ච්හිදී පැවැත්වීමට නියමිතව ඇති අතර, තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ලබන වසරේ ජනවාරි 3 වැනිදා ආරම්භවීමට නියමිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon