හිටපු ජනාධිපතිට වත්මන් ජනපති අවසන් ගෞරවය දක්වයි

  👤  1373 readers have read this article !
Published by : MB WEB 2018-12-04 15:21:17

අභාවප්‍රාප්ත අමෙරිකානු හිටපු ජනාධිපති ජෝර්ජ් එච්.ඩබ්ලිව් බුෂ්ගේ දේහයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රාම්ප් අවසන් ගෞරව දක්වා තිබේ.

ජනාධිපතිවරයා සිය ආර්යාව සමඟ පැමිණ දේහයට අවසන් ගෞරව දැක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අමෙරිකාවේ 41 වන ජනාධිපතිවරයා වූ ජෝර්ජ් එච්.ඩබ්ලිව් බුෂ් 1989 සිට 1993 දක්වා කාලය තුළ එම ධුරයේ කටයුතු කළේය.

94 වන වියේ පසු වූ ඔහු පසුගිය පළමුවනදා අභාවප්‍රාප්ත වු අතර දේහය පිළිබද අවසන් කටයුතු හෙට (05) දිනයේදී සිදු කිරීමට නියමිතයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon