හැමදාම උණු කැවුම් වගේ

  👤  1853 readers have read this article !
Published by : MB WEB 2018-12-06 06:41:18

උණු උණුවෙන්ම කෑම කන්න අපි කවුරුත් ආසයිනේ. හැබැයි අපි කොහේ හරි දුර ගමනක් යනකොට අපි අරගෙන යන කෑම එක රස්නෙ පිට තියාගන්න එක කරන්න අපහසු වැඩක්.

ඒත් Steasy Smart portable steamer එක නිසා ඒක තවදුරටත් අපහසු වැඩක් නොවෙයි. මේ උපාංගය කෑම පෙට්ටියක ප්‍රමාණයෙන් යුක්ත වෙන නිසා පහසුවෙන්ම රැගෙන යෑමටද පුළුවන්. ඒ වගේම සැහැල්ලු නිමාවකින් යුත් මෙහි කිසිදු කාන්දුවීමක් සිදු වෙන්නේ නැහැ.

මෙහි අඩංගු රී චාජබල් බැටරිය මඟින් ඔබට මිනිත්තු 15ක් ඇතුළත ඕනෑම දෙයක් උණුසුම් කර උණු උණුවෙම ආහාරයට ගන්න පුළුවන්. ඒ වගේම මේ සමඟ ලබා දෙන ඇප් එක මඟින් ඔබට එය උණුසුම් කළ යුතු කාලය හසුරවා ගන්න පුළුවන්.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon