නව වෙළෙඳ බදු පැනවීම අත්හිටුවීමට එක්සත් ජනපදය හා චීනය එකඟ වේ

  👤  1080 readers have read this article !
Published by : MB WEB 2018-12-03 14:04:50

ඉදිරි දින 90 තුළ නිශ්චිත එකඟත්වයකට එළැඹීමේ අරමුණින් චීනය සහ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් නව තීරු බදු ක්‍රමය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇතැයි ධවල මන්දිරය ප්‍රකාශ කරයි. දෙරට නායකයන් මෙම තීරණයට එළැඹියේ ආර්ජන්ටිනාවේදී පවත්වන ලද ඉහළ පෙළේ සාකච්ඡාවලින් පසුවය. මෙම කාලය තුළ ගැටලුව සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ජනවාරි 1 වැනිදා සිට චීනයෙන් ආනයනය කෙරෙන ඇ.ඩොලර් බිලියන 200ක් වටිනා භාණ්ඩ මත 25% දක්වා බදු ඉහළ නැංවීමට පෙර පැවැති අදහස ක්‍රියාත්මක නොකිරීමට මේ අනුව ජනාධිපති ට්‍රම්ප් එකඟ වී තිබේ. ඊට ප්‍රතිචාර වශයෙන් කෘෂිකාර්මික, බලශක්ති සහ කර්මාන්ත කටයුතු සඳහා යොදාගැනෙන නිෂ්පාදන වැඩි ප්‍රමාණයක් එක්සත් ජනපදය වෙතින් මිලදී ගැනීමට චීන නායකයා කැමැත්ත පළ කර ඇතැයිද ධවල මන්දිර නිවේදනයේ දැක්වේ.

මෙම වසරේ දෙරට අතර උත්සන්න වූ වෙළෙඳ අරගලයෙන් පසු බුවනෝස් අයර්ස් හි පැවැති ට්20 සමුළුව අවසානයේ මෙසේ දෙරට නායකයන් හමු වූයේ පළමු වරටය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon