විරු සමරු මාර්ග ධාවන තරගයෙන් ජය මාතලේ හින්දු විදුහලේ තිදෙනකුට

  👤  1508 readers have read this article !
Published by : MB WEB 2018-12-03 08:49:00

මාතලේ - හේවා පී. කරුණාරත්න,

යටවත්ත - මහේෂි රුවන්

උෟව වෙල්ලස්ස (1818) සිංහලේ නිදහස් අරගලයට නායකත්වය දුන් වීර මොනරවිල කැප්පෙටිපොළ මහ දිසාව හා වීර මඬුගල්ලේ ඇතුළු විරුවන් දැයෙන් සමුගෙන දෙවැනි ශතවර්ෂ පූර්ණ සැමරුම නිමිත්තෙන් මාතලේදී පැවැති "විරු සමරු මාර්ග ධාවන" තරගයේ ශූරයා ලෙස මාතලේ හින්දු ජාතික පාසලේ එම්. පුෂ්පකුමාරටද දෙවැනි ස්ථානය එම්. ප්‍රශාන්ත් විසින්ද තෙවැනි ස්ථානය එස්. ශෂීකුමාර් විසින්ද හිමි කරගෙන ඇත.

මුල් ස්ථාන ත්‍රිත්වය දිනාගත් ක්‍රීඩකයන් තිදෙනාම මාතලේ හින්දු ජාතික පාසලේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් වීම විශේෂත්වයකි. නොවැම්බර් 25 වැනිදා මාතලේ නගරය කෙන්ද්‍ර කරගනිමින් කි.මී. 12 දුරැතිව මෙම මාර්ග ධාවන තරගය සංවිධාන කර තිබිණි. මේ අවස්ථාවට වීර මොනරවිල කැප්පෙටිපොළ ජාතික පදනමේ සභාපති වෝල්ටර් තැන්න, ලේකම් ඩබ්.එම්. සෝමරත්න බණ්ඩාර, තරග සංවිධායකයන් වූ මහින්ද දුල්ලෑව සහ මහින්ද ඇල්ලේපොළ යන මහත්වරුද එක්වූහ.

(ඡායා වමේ සිට)
එම්. ප්‍රශාන්ත් (දෙවැනි), එම්. පුෂ්පකුමාර් (ප්‍රථම) සහ එස්. ශෂිකුමාර් (තෙවැනි)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon