මෙදාපාර අමිලගේ පිම්ම

  👤  600 readers have read this article !
Published by : MB WEB 2018-12-08 18:50:42

නිරූපණ ක්ෂේත්‍රයේ, සිනමාවේ හිටපු අමිල දැන් පුංචි තිරයටත් ඇවිත්?

ඔව්. මේ වෙනකොට මම චිත්‍රපට හතර පහකම රංගන කටයුතු අවසන් කරලා තියෙනවා. ඒවා එන්න පරක්කු නිසා මම තීරණය කළා රංගන හැකියාව දියුණු කරගන්නත් එක්ක ගැළපෙන ටෙලි නාට්‍යයක් ලැබුණොත් සම්බන්ධ වෙනවා කියලා. ඒකත් එක්ක තමයි මම උරුමයක අරගලය ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ.

මේ අවස්ථාව ලැබුණේ කාගෙන්ද?

මාව දැක්ක දවසෙ ඉඳන් සනත් අබේසේකර මහත්තයාට මාව නිර්මාණවලට දායක කරගන්න අවශ්‍යතාව ඇතිවෙලා තිබුණා. එතුමා තමයි මාව උරුමයක අරගලය ටෙලි නාට්‍යයේ "දීනිස්" චරිතයට සම්බන්ධ කර ගත්තෙ.

මට එතුමාගේ "ඉරුදේව" කියන ටෙලි නාට්‍යයටත් ආරාධනා ලැබුණා. ඒ අතරතුර උරුමයක අරගලය ටෙලි නාට්‍ය ඉදිරියට කරගෙන යෑමට සහ ටෙලි නාට්‍යය ශක්තිමත් කිරීමට චරිත දෙකක් ගේන්න එතුමා තීරණය කළා. ඒ චරිතයක් වෙනුවෙන් තමයි එතුමා මාව තෝරා ගත්තෙ.

මෙය වෙනස් චරිතයක්නේ. එහි අත්දැකීම ඔබට කොයි තරම් වෙනස් වුණාද?

මේ චරිතයට ගමේ කෙනෙක්ට ආවේණික ලක්ෂණ ගැනීම අවශ්‍ය වුණා. සෙරෙප්පු දාන්නේ නැතිව කැලේ ඇවිදින එක එහෙම පොඩ්ඩක් අපහසු වුණා. කටු ඇනෙනවා. තුවාල වෙනවා. සත්තුන් ඉන්නවා. බුලත්විට කන්න වෙනවා. බුලත්විට කෑවම උගුරත් පොඩ්ඩක් අප්සට් වෙනවා. කැලේදි වැස්සොත් වැස්ස වෙලාවට ගල්ලෙන් ඇතුළෙ තමයි ඉන්නෙ.

ඉතින් ඒක අලුත් අත්දැකීමක්. මම ඒ චරිතෙ ආශාවෙන් කරනවා. චරිතෙට උපරිම සාධාරණය ඉෂ්ට කරනවා.

ඔබේ පුංචි තිරයේ වැඩවලට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

හොඳ ප්‍රතිචාර තියෙනවා. මේ දවස්වල ඕචදඤ බඩඥ ඕචදඤ වැඩසටහන සහ උරුමයක අරගලය ටෙලි නාට්‍ය විකාශය වෙනවා. "දීනිස්" වගේ චරිතයක් රංගන ශිල්පියෙක්ට ලැබෙන දුර්ලභ අවස්ථාවක්.

ඒ චරිතෙ තුළ කතා කරන විදිය පවා වෙනස්. ප්‍රේක්ෂකයන් ඒ චරිතෙට කැමැතියි. ඔවුන් කැමැති දේ තුළ මගේ ගමනට ලොකු ශක්තියක් ලැබෙනවා. මට තේරෙනවා ප්‍රේක්ෂක ආකර්ෂණයක් එක්ක මම ආශා කරන මාර්ගයේ යනවා කියන එක.

ඔබට ප්‍රේක්ෂකයන්ගෙන් විවේචන එල්ල වෙනවට කැමැතිද?

ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා මගේ නිර්මාණ බලන්න. වැරැදි දේවල් තියෙනවා නම් මට කියන්න. මොකද වැරැදි නැති කෙනෙක් නැහැ. මම කැමැතියි ඒ වැරැදි හදාගෙන ඉදිරියට යන්න. ප්‍රේක්ෂකයො මට දෙන ආදරයට මමත් ගොඩක් ආදරෙයි. මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ප්‍රේක්ෂකයන්ගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා.

ටෙලි නාට්‍යවලට සම්බන්ධ වීම සිනමාවේ අවස්ථා අඩුවීමට හේතුවක් වෙන්නෙ නැද්ද?

ටෙලි නාට්‍යවලට සහභාගි වෙලා මිනිසුන්ට වැඩිපුර පේන්න හිටියම සිනමාවෙ අවස්ථා අඩුවෙයි කියලානේ බොහෝ විට හිතන්නෙ. නමුත් හොඳ නිර්මාණ තෝරගෙන මිනිසුන්ට එපා නොවෙන්න, මිනිසුන්ට දැනෙන විදියට චරිත කළොත් මම හිතන්නෙ නැහැ සිනමාවේ අවස්ථා අඩුවෙයි කියලා.

ඔබ නිවේදන භූමිකාවෙනුත් අපිට මුණගැහෙනවා?

ඔව්. ඉරිදා රාත්‍රි 07ට ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ඕචදඤ බඩඥ ඕචදඤ වැඩසටහනේ නිවේදන කටයුතුවලට මම සම්බන්ධ වෙනවා. මේ වැඩසටහන ශ්‍රී ලංකාවේ පාසල් ළමයින්ට ලැබුණ හොඳ අවස්ථාවක්.

මම ඉස්සරත් සිරස නාළිකාවේ උදෑසන වැඩසටහනක් ප්‍රසන්ට් කළා. මම දකින විදියට ප්‍රසන්ට් කරන එකෙන් නළුවෙක්ට ලොකු ආභාසයක් ලැබෙනවා.

ක්ෂේත්‍ර කිහිපයක වැඩ කරද්දී ඒ හැම ක්ෂේත්‍රයටම සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන්ද?

හැමදේම බදාගෙන කරන්න බැහැ කියන තැනත් මම ඉන්නවා. මම එහෙම ලොකු දෙයක් භාර අරන් නැහැ. නිවේදන කටයුතු ගත්තත් ඕචදඤ බඩඥ ඕචදඤ වැඩසටහනේ නිවේදන කටයුතු මාසයට දවස් හතරක් වගේ කරන්න ලැබෙන්නේ. ඒකෙන් රඟපෑම් කටයුතුවලට පාඩුවක් වෙන්නේ නැහැ.

නිරූපණ ක්ෂේත්‍රයේත් මම දැන් වැඩිය රැඳිලා ඉන්නෙ නැහැ. විශේෂ ආරාධනා ලැබුණොත් විතරයි මම නිරූපණ කටයුතුවලට සම්බන්ධ වෙන්නෙ. මම මගේම කියලා ව්‍යාපාරයකුත් පවත්වාගෙන යනවා.

හැමදේම බදාගත්තොත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් තෝරාගැනීම් කරන්නෙ මමම නිසා මේ තෝරාගත්ත දේවල් ඇතුළෙ හානියක් වෙන්නේ නැහැ කියන විශ්වාසය මට තියෙනවා.

මේ හැමදේම කරගන්න තිබෙන කාලය ප්‍රමාණවත්ද?

කාලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ආශාව තියෙනවා නම් කාලය හදාගන්න පුළුවන්. ප්‍රශ්නයක් නොවෙන්න කාලය කළමනාකරණය කරගෙන වැඩ ටික කරගන්නවා.

ඔබ නියෝජනය කරන විවිධ භූමිකාවන් ඇතුළෙ ආසම භූමිකාව මොකක්ද?

මම ආසම රංගනයට.

ඉදිරියේදී තවත් ටෙලි නිර්මාණවලින් ඔබව දකින්න ලැබෙයිද?

බෙනට් රත්නායක මහත්තයාගේ "පළිඟු පියාපත්" ටෙලි නාට්‍ය, සනත් අබේසේකර මහත්තයාගේ "ඉරුදේව" ටෙලි නාට්‍ය, තිසුල තඹවිට මහත්තයාගේ සියපත් වසන්තය සහ ජෙරම් ජෝසප් මහත්තයාගේ "මන්දාරම් අහස" කියන ටෙලි නාට්‍ය ඉදිරියේදී විකාශය වීමට නියමිතයි.

සිනමාවේ අලුත් වැඩකටයුතු මොනවාද?

වාසිත සමරනායක මහත්තයාගේ "රජ දහන" චිත්‍රපටය, ප්‍රියන්ත සමරකෝන් මහත්තයාගේ "රන්දෝණි" චිත්‍රපටය, හර්ෂ උඩකන්ද මහත්තයාගේ "ජ්චජඥ බධ ජ්චජඥ" චිත්‍රපටය සහ සෙක්සාන් අලී මහත්තයාගේ කෞෂි චිත්‍රපටයට සම්බන්ධ වුණා. ඒවා ඉදිරියේදී තිරගත වෙයි.

ඉදිරිය ගැන බලාපොරොත්තු මොනවාද?

ඉස්සරහට මට ලැබෙන නිර්මාණ හොඳින් කරන්න බලාපොරොත්තු වෙනවා. ව්‍යාපාර දියුණු කරගන්නත් ඕනෙ. හොඳ සිනමා නිර්මාණවලට සම්බන්ධ වෙන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

රංගනය පැත්ත දියුණු කරගන්න ඕනෙ. රංගනය දියුණු කරගෙන හොඳ ප්‍රේක්ෂක පිරිසක් හදාගත්තම තව හොඳ සිනමා නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙයි කියලා මම හිතනවා.

ඉරේෂා කල්හාරි සේනාධීර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon