අවුරුදු දෙකේ ඉඳන් නටන්න පුරුදු වුණ දක්ෂතම පුංචි තරුව

  👤  837 readers have read this article !
Published by : MB WEB 2018-12-08 07:49:33

නම - යෙහන්සා නිම්සදි

ගම - වේයන්ගොඩ
වයස - අවුරුදු පහයි
පාසල - වේයන්ගොඩ හිරිපිටිය
ප්‍රාථමික විද්‍යාලය
ඉගෙනුම ලබන ශේ්‍රණිය - 1 ශේ්‍රණිය
පවුලේ විස්තර - අම්මයි තාත්තයි මමයි පවුලේ ඉන්නේ.

ලිට්ල් ස්ටාර් තරගයේ දක්ෂතම නර්තන තරුවක් වෙන්න යෙහන්සාටත් අවස්ථාව ලැබිලා. මොකද හිතෙන්නේ?

වයස අවුරුදු අටෙන් පහළ නර්තන අංශයේ දක්ෂතම තරුව වුණේ මම. ඒ ගැන ගොඩක් සතුටුයි.

මේ වගේ ජයග්‍රහණයක් ලැබුණු ප්‍රථම අවස්ථාවද මේක?

ඔව්.

එච්චර ලස්සනට නටන්න යෙහන්සාව පුරුදු කළේ කවුද?

අකිල පලිපාන සර් තමයි නර්තනය පුහුණු කළේ. මුලින්ම නර්තන පුහුණුවීම්වලට ගියේ වේයන්ගොඩ සංස්කෘතික මධ්‍යස්ථානයට. අවුරුදු දෙකහමාරේ ඉඳන් තමයි මම නර්තනය ඉගෙන ගත්තේ.

යෙහන්සාගේ ජයග්‍රහණය ගැන යාළුවෝ මොකද කියන්නේ?

එයාලා මම නටනවා බලලා කිව්වා මම ලස්සනට නැටුවා කියලා.

තරගයට සහභාගි වුණු නිසා අධ්‍යාපන කටයුතු යෙහන්සාට මඟහැරුණේ නැද්ද?

මඟහැරුණා. මඟහැරුණු පාඩම් මම යාළුවන්ගෙන් අහලා ලියා ගත්තා. දැන් ආයෙත් මට පාඩම් වැඩ මඟහැරෙන්නේ නෑ.

ලොකු වුණාමත් නර්තනය පැත්තෙන් ඉස්සරහට යන්නද කැමති?

ඔව්, මම ලොකු වෙනකල් නැටුම් කරනවා.

වැඩිපුරම කැමති මොන නර්තන ශෛලියටද?

උඩරට, පහතරට, සබරගමුව, භරත, කතක් කියන මේ ඔක්කොටම මම කැමතියි.

ලක්‍ෂිකා දිව්‍යාංජලී වීරකෝන්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon