හොඳට පුහුණුවීම් කළා කවුරුවත් මට අභියෝගයක් වුණේ නැහැ

  👤  924 readers have read this article !
Published by : MB WEB 2018-12-08 08:47:18

නම - නෙත්මි උදාරි දිසානායක

ගම - මාතලේ
වයස - 11
පාසල - මාතලේ තෙලවැව ධර්මාශෝක විද්‍යාලය
ඉගෙන ගන්න ශේ්‍රණිය - 6 ශේ්‍රණිය
පවුලේ විස්තර - අම්මයි, තාත්තයි, අයියයි,
නංගියි, මමයි තමයි
පවුලේ ඉන්නේ.

මේ සැරේ දෙරණ ලිට්ල් ස්ටාර් තරගයේදී ඔබටත් කිරුළක් හිමිවුණා. ඒ ගැන සතුටු ඇති.

දෙරණ ලිට්ල් ස්ටාර් තරගයේ වයස අවුරුදු ‍ෙදාළහෙන් පහළ දක්ෂතම නර්තන තරුව වුණේ මම. ඒ ගැන ගොඩක් සතුටුයි.

ඒ ජයග්‍රහණය ගැන නෙත්මි බලාපොරොත්තු වුණාද?

ඔව්. ජයග්‍රහණය කරන්න මම බලාපොරොත්තු වුණා.

මේ තරගයේදී නෙත්මිට වැඩිපුරම අභියෝගයක් වුණේ කවුද?

එහෙම කාවත් මට අභියෝගයක් වුණේ නැහැ. මොකද මම හොඳට පුහුණුවීම් කළා.

මේ ජයග්‍රහණය පිටුපස සෙවණැල්ල වගේ හිටපු අය ගැනත් මතක් කරමු?

විජේන්ද්‍ර බාහු සර් සහ ජයත කරුණාසේකර සර් තමයි මට නර්තන අංගයන් පුහුණු කළේ. උඩරට නර්තන අංගයන් හදාගන්න උදවු කළේ ඩිලානි ටීචර්. මියුසික් ට්‍රැක් හදන්න චාමර අයියා උදවු කළා. බුද්ධි එදිරිසිංහ මාමා මේකප් කළේ. පාසලේ අය වගේම විනිශ්චය මණ්ඩලයේ අයත් මට ගොඩක් උදවු කළා. චන්ද්‍රලතා මැඩම්, දුල්නිකා මිස්, තරුෂි මිස් සහ දෙරණ නාළිකාවටත්, මගේ පවුලේ හැමෝටමත් මම ස්තුතිවන්ත වෙනවා.

තරගයත් එක්ක නෙත්මිගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් වුණේ නැද්ද?

පාසල් වැඩ කටයුතු මඟහැරුණා. ඒත් මම ඒ මඟහැරුණු පාඩම් යාළුවන්ගෙන් අහගත්තා. පාසලේ ගුරුවරුන් මට උදවු කරන නිසා මට ගැටලුවක් වුණේ නැහැ.

ඔයාගෙ මේ නර්තන හැකියාව ගැන යාළුවො මොකද කියන්නෙ?

හොඳට නටන්න කියලා තමයි එයාලා හැමදාම කිව්වේ. එයාලා මට සුබ පැතුවා. එයාලට සතුටුයි මගේ ජයග්‍රහණය ගැනත්.

නර්තනය වෙනුවෙන් නෙත්මිට තවත් ජයග්‍රහණ ලැබිලා තිබෙනවා නේද?

ඔව්. මට මධ්‍යම පළාත් තරගවලින් ප්‍රථම ස්ථානය ලැබුණා. ඒ වගේම සමස්ත ලංකා තරගවලටත් මම සහභාගි වුණා.

නෙත්මි නර්තනය හදාරන්නේ කොයි කාලේ ඉඳන්ද?

මම පුංචි කාලේ ඉඳලම නර්තනය හැදෑරුවා. මම නර්තනයට ගොඩක් කැමැතියි.

නර්තනයෙන් ඉස්සරහට යන්නද කැමැති?

ඔව්. මම හැම නර්තන සම්ප්‍රදායක්ම හොඳින් හදාරන්න හිතන් ඉන්නවා. දැනට භරත නාට්‍යයම් ප්‍රථම විභාගය කළා. මධ්‍යම විභාගය ලබන අවුරුද්දෙ කරනවා.

කවුද භරත නාට්‍යයම් උගන්වන්නේ?

ඉසිරි නවරත්න ටීචර් තමයි මට ඒ නර්තන ශෛලිය උගන්වන්නෙ.

ලක්‍ෂිකා දිව්‍යාංජලී වීරකෝන්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon