ආන්දෝලනාත්මක මැතිව් කතාන්දරය ජැක්ලීන්ගේ රංගනයත් සමඟ තිරයට ඇවිත්

  👤  1514 readers have read this article !
Published by : MB WEB 2018-12-02 14:16:32

කාලයක් බලාගෙන හිටපු 'මැතිව්' දැන් ප්‍රේක්ෂකයන් අතරට ඇවිත්?

ඔව්. චිත්‍රපටය කරලා අවුරුදු දෙකහමාරක් ගියාට පස්සේ ඒජජධපඤඪදඨ බධ ර්චබබඩඥඹ චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තා. පසුගිය 23 වැනිදා තමයි ඉංගී්‍රසි චිත්‍රපටය රිලීස් වුණේ. සිංහල හඬ කැවූ චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තේ 24 වැනිදා. සිනමාශාලා පනහකට වැඩි ප්‍රමාණයක සිංහල චිත්‍රපටය තිරගත වෙනවා. ඉංගී්‍රසි චිත්‍රපටය සිනමාශාලා දහයක විතර තිරගත වෙනවා.

මේ චිත්‍රපටයට ඔබ තෝරාගෙන තියෙන්නේ සැබෑ කතන්දරයක්. එය තෝරා ගැනීම පිටුපසත් ලොකු කතන්දරයක් තිබෙනවා නේද?

මීට වසර ගණනාවකට පෙර ආන්දෝලනයක් ඇති කළ ෆාදර් මැතිව් හා බැඳුණු කතන්දරයක් තමයි මම මේ චිත්‍රපටයට ලිව්වේ. මේ චිත්‍රපටයේ ලොකු කතාන්දරයක් තිබෙනවා. මම එක දවසක් වැලිකඩ බන්ධනාගාරයේ වෙනත් චිත්‍රපටයක් කරමින් ඉන්නකොට කවුද මට ඇවිත් තට්ටු කළා. බලනකොට ඒ ෆාදර් මැතිව් පීරිස්. මම ඉස්සර ෆාදර්ගේ පල්ලියට තමයි ගියේ. නමුත් මම ඇමෙරිකාවට ගියාට පස්සේ ලංකාවේ වුණු දේවල් මම ඒ තරම් දැනගෙන හිටියේ නැහැ. ෆාදර් මැතිව් බන්ධනාගාර ඇඳුමෙන් දකිද්දී මට පුදුම හිතුණා. ඒ මුණගැසීමෙන් පස්සෙ ෆාදර් මැතිව් කිව්වා ඔහුගේ කතන්දරය චිත්‍රපටයකට කරන්න කියල. ඔහු තමයි මේ චිත්‍රපටය කරන්න කියලා මට කිව්වේ. ඒ මීට අවුරුදු විස්සකට විතර උඩදී.

ෆාදර් මැතිව්ගේ ඉල්ලීමට ලිව්ව චිත්‍රපටය කරන එක ඔබ අතහැරලා දැම්මේ ඇයි?

මම ලිව්ව පිටපතට තොරතුරු ගත්තේ අන්තර්ජාලයෙන් සහ උසාවි වාර්තාවලින්. එතකොට මේ කේස් එක ඉවර වෙලා තිබුණේ. මම ඒ තොරතුරුවලින් තමයි චිත්‍රපටය ලිව්වේ. ඒක කියවලා ෆාදර් මැතිව් කිව්ව ඔහු අහිංසකයි කියලා. මම ඔහුට කිව්වා 'අහිංසකයි නම් ඔහු හිරේ ඉන්නේ නෑනේ' කියලා. එතකොට ඔහු මට කිව්වා අභියාචනයකට යනවා කියලා. චිත්‍රපටයේ ෆාදර් මැතිව්ගේ චරිතයේ නළුවා වෙන්නම් කියලත් ඔහු කිව්වා. ඒ කාලේ මේ චරිතය කරන්න මගේ ඔළුවේ හිටියේ ගාමිණී ෆොන්සේකා. මගේ ස්ක්‍රිප්ට් එකට ෆාදර් කැමැති වුණේ නැහැ. මොකද මම ඒකෙන් ඇත්ත කතන්දරය පෙන්නන නිසා. එදා ඒ ෆාදර් මාව බය කළා. ෆාදර් ජනප්‍රිය කට්ට¾ඩි වැඩ කළ කෙනෙක් නිසා මම ඒ චිත්‍රපටය කරන එක අතහැරලා ඇමෙරිකාවට ගියා.

ආයෙත් එය එළියට ගන්න හිතුවේ?

ළ¼ගදී කවුරුහරි මගේ තිර පිටපත දැකලා මට කිව්වා, ඇයි මෙච්චර හොඳ තිරපිටපතක් චිත්‍රපටයකට කරන්නේ නැත්තේ කියලා. අවුරුදු විස්සකට පස්සේ ආයෙත් මට චිත්‍රපටය කරන්න හිතුණා. ඒ නිසා චිත්‍රපටය හදන්න ගත්තා.

මේ චිත්‍රපටය කරද්දී ඔබට අභියෝග බොහොමයක් ආවා නේද?

චිත්‍රපටය හදන්න ගනිද්දී මම පල්ලියට ගිහින් කිව්වා මම හදන්නෙ ඇත්ත කන්දරය කියලා. පල්ලියට විරුද්ධ කතාවක් මේ චිත්‍රපටයේ නෑ කියලත් කිව්වා. ඒත් මගේ චිත්‍රපටය රූගත කරන්න පල්ලියක් දෙන්න කවුරුත් කැමැති වුණේ නැහැ. ඊට පස්සේ අපි පල්ලියක් හදලා රූගත කිරීම් කළා. මේ චිත්‍රපටය පල්ලියට විරුද්ධ කතාවක් නෙවෙයි. සැබෑ කතන්දරය තමයි මම කළේ. මේක නවත්වන්න සමහරු උත්සාහ කළා. චිත්‍රපටය කළාට පස්සේ කිව්වා මේක තහනම් කරන්න ඕනේ කියලා. ඒ කාලේ මම ටිකක් බය වුණා. දැන් මට බයක් නෑ. මොකද මේක සමාජයට කියන්නම ඕනේ කතන්දරයක්. මේ සිද්ධියට සම්බන්ධ සමහර අයගේ පවුල්වල අය ඇයි මේ චිත්‍රපටය කරන්නේ කියලා මට බැන්නා. චිත්‍රපට හදන කෙනා මේ කරන දේ නවත්වන්නේ නෑනේ. මොන බාධක ආවත් මට ඕන වුණේ එය කරන්න. මාව ලේසියෙන් නවත්තන්න බෑ.

චිත්‍රපටය තිරගත කරන්න කාලයක් බලාගෙන ඉන්න වුණෙත් ඒ බාධක නිසාද?

නෑ. ඒකම නෙවෙයි. තාක්ෂණික ගැටලුත් කිහිපයක් තිබ්බා. මේක නවත්තන්න හැදුව ප්‍රශ්න තිබ්බා. ආණ්ඩුවට ලියුම් යැව්වා මේක නවත්තන්න. මම ඇත්ත තත්ත්වය ගැන කරුණු පැහැදිලි කළා. කවුරුත් මේ චිත්‍රපටය කරන්න අපිට උදවු කළේ නෑ. 'මැතිව්' ගැන කරන චිත්‍රපටය කිව්වම අපිට බාධකමයි ආවේ. ඒත් අපි ඒවා ජයගෙන චිත්‍රපටය කළා.

ඔබ අලුත් මුහුණු සිනමාවට හඳුන්වා දෙනවා. මේ චිත්‍රපටයෙත් ලංකාවේ සිනමාවට ආධුනික ශිල්පීන් දායක කරගෙන තිබෙනවා නේද?

ඔව්. මම කැමැතියි අලුත් අය එක්ක වැඩ කරන්න. අපි දන්න චරිතයකට වඩා නොදන්න චරිතයක් යම් නිර්මාණයක චරිතයකට දැම්මොත් ප්‍රේක්ෂකයා විශ්වාසය ඇති කරගන්නවා වැඩියි. මම ආසයි ප්‍රධාන චරිතවලට අලුත් අය ගන්න. හැබැයි මම දෙවැනි, තෙවැනි ප්‍රධාන චරිතවලට දන්න කියන අය ගන්නවා. ඊඩඥ පධචඤ ටපධථ ඥතඥනඩචදබ නචඵඵ චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙකම අලුත් අය. හැබැයි සනත් ගුණතිලක, ජෝ අබේවික්‍රම වගේ අයත් චිත්‍රපටයේ හිටියා. මේ චිත්‍රපටයෙත් එහෙමයි.

ජැක්ලීන් ලංකාවේ චිත්‍රපටයකට සම්බන්ධ වෙන පළමු වතාව මේක. ඇය ඔබේ ආරාධනාව එක පයින් භාරගත්තද?

ලංකාවේ ඉංගී්‍රසි චිත්‍රපටයකට ජැක්ලීන් සම්බන්ධ වෙන පළමු වතාව මේක. මම දුරකථනයෙන් ඇයට චිත්‍රපටයේ කතාව කිව්වා. ඇය ඒ කතාවට ආසවුණා. ඒ නිසා ඇය කැමැත්තෙන්ම ආරාධනාව භාරගත්තා. ඇය වෘත්තීයමය මට්ටමෙන් රඟපෑවා. ඇය එක්ක වැඩ කරන්න පහසුයි.

ජැක්ලීන්ව මේ චිත්‍රපටයට සම්බන්ධ කරගන්න විශේෂ කාරණාවක් තිබ්බද?

මේ චිත්‍රපටයේ ෆාදර් මැතිව්ගේ චරිතය කරන්නේ ඇල්ස්ටන් කොච්. අපි දෙන්නා කතා කරද්දී ඉන්ග්‍රම්ගේ චරිතයට එයා වගේම කෙනෙක් ඕනේ කියලා අපි හිතුවේ නැහැ. අපිට ඕන වුණේ ලස්සන ළමයෙක්. ඇල්ස්ටන්ගේ පෙනුම වුණත් මැතිව් වගේ නෙවෙයි. මට ඕන වුණේ ඔවුන්ව යොදාගෙන ඇතුළේ චරිතය එළියට ගන්න. මම කැමැතියි පළමු වතාවට රඟපාන නළු නිළියෝ එක්ක වැඩ කරන්න. එයාලටත් එතකොට වැඩ කරන්න ආසයි. හොඳ ශක්තියක් ඔවුන්ට තියෙනවා. පළමු වතාවට රඟපාද්දී ඔවුන්ට ඒක පුදුමයි. මාත් එක්ක පළමු වතාවට රඟපාපු හැමෝම මාත් එක්ක සුහදයි. පළමු වතාවට කළ දේ ආයෙත් ඒ වගේම වෙන්නේ නැති නිසා ඒක හැමෝටම මතකයි.

ජැක්ලීන්ව චිත්‍රපටයට සම්බන්ධ කරගත්තේ මාකට් කරන්න පහසු නිසා නෙවෙයිද?

නැහැ. මේකට සම්බන්ධ වෙන අය මට නළුවා නිළිය විතරයි. මම ඒ අය මාකට් කරන්න පුළුවන්ද කියලා හිතුවේ නැහැ. මගේ වැදගත්කම තියෙන්නේ මාත් එක්ක වැඩකරන පිරිසට. එහෙම නැතිව වෙන කාරණා ගැන මම හිතන්නේ නැහැ.

ඔබට අවශ්‍ය රංගනය ප්‍රධාන චරිත නිරූපණය කළ දෙපළගෙන්ම හොඳින් ලබාගන්න පුළුවන් වුණා කියලා හිතනවද?

ඔව්. මේ කතාවේ තියෙන්නේ පූජක කෙනෙක් ගැනනේ. ඒ චරිතය කරන්න ඕන කෙනෙක්ව දාන්න බෑ. බයිබලය ගැන දන්න කෙනෙක්ව තමයි මට ෆාදර් මැතිව්ගේ චරිතය කරන්න ඕන වුණේ. ඇල්ස්ටන්ගේ අම්මගෙයි තාත්තාගෙයි බලාපොරොත්තුව වෙලා තිබ්බේ ඔහුව පී්‍රස්ට් කෙනෙක් කරන්න. ඒ නිසා ෆාදර් මැතිව්ගේ චරිතයට ඇල්ස්ටන්ව යොදාගන්න මට පහසු වුණා. ඇල්ස්ටන් වගේම ජැක්ලීන් හොඳ සහයෝගයකින් වැඩ කළා.

මුලින්ම මේ චිත්‍රපටය ඉංගී්‍රසි මාධ්‍යයෙන් විතරයිනේ නිර්මාණය කර තිබුණේ. එය සිංහලෙන් හඬ කවන්න හිතුවේ ඇයි?

මම ඉංගී්‍රසි චිත්‍රපට හදන්නේ ලෝකෙට පෙන්වන්න. සිංහල චිත්‍රපට හදලා ඇත්තටම හම්බ කරන්න අමාරුයි. සම්මාන අරගෙන කන්න බෑනේ. අපි ජීවත් වෙන්න හම්බකරන්න ඕන. ඉංගී්‍රසි භාෂාවෙන් චිත්‍රපට හදලා ඒක ඕන භාෂාවකට හඬ කවන්න පුළුවන්. එතකොට මාකට් එකක් තියෙනවා. සිංහල භාෂාවෙන් විතරක් කළොත් එය සීමිත පිරිසක් අතරට යන්නේ. 'මේ වගේ ආදරයක්' වගේ සිංහල චිත්‍රපට හදන්නත් මම ආසයි. එහෙම චිත්‍රපට කිහිපයක් කරන්නත් මගේ හිතේ තියෙනවා.

මේ චිත්‍රපටය ලංකාවේ ප්‍රේක්ෂකයෝ කොයිතරම් දුරට වැලඳ ගනියිද?

ලංකාවේ ප්‍රේක්ෂකයෝ මේ චිත්‍රපටය බලන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. දැන් තරුණ පරපුර මේ චිත්‍රපටයේ තියෙන සැබෑ කතන්දරය දන්නේ නැහැ. නමුත් වැඩිහිටි පරපුර මේ කතන්දරය දන්නවා. මේ චිත්‍රපටය නරඹන්න මේ හැමෝම එයි.

ඔබේ පුතත් මේ නිර්මාණයට යම් දායකත්වයක් ලබාදෙනවා නේද?

මගේ පුතා මේ චිත්‍රපටයේ සංස්කාරක ලෙස කටයුතු කරනවා. ඒ වගේම ඉධභදඤ ච්ඥඵඪඨදඥප ලෙස කටයුතු කරන්නෙත් ඔහු. පුතා දැනට ඉන්නේ හොලිවුඩ්වල.

මගේ ඛ්ධථථධද ර්චද චිත්‍රපටයටත් පුතා සම්බන්ධ වුණා.
ඔබ දේශීය සහ ලෝක සිනමා ක්ෂේත්‍රයේ බොහෝ කාලයක් රැඳුණ කෙනෙක්. ලෝක සිනමාව සහ ලංකාවේ සිනමාව අතර කොයිතරම් පරතරයක් ඔබ දකිනවාද?

ලෝකයේ තියෙන තාක්ෂණය අපිටත් තියෙනවා. දක්ෂතාවත් තියෙනවා. අපේ තරුණ පරපුරට ලොකු දක්ෂතාවක් තියෙනවා. ප්‍රශ්නයකට තියෙන්නේ අපිට කතා තේමා නැතිකම. කොච්චර හොඳ නළු නිළියෝ දැම්මත්, කොච්චර සල්ලි වියදම් කළත් වැඩක් නැහැ. කතන්දරය හරි නැත්නම්. ප්‍රේක්ෂකයන්ට බලන්න හිතෙන චිත්‍රපට අපි හදන්න ඕන. අපේ මාකට් එක වෙන්න ඕනේ ලෝකය. මම ආස කෙනෙක්ට දෙපාරක් බලන්න හිතෙන චිත්‍රපට හදන්න. කෙනෙක් චිත්‍රපටයක් දෙපාරක් බලනවා කියන්නේ ඒක හිට් එකක්. අපි චිත්‍රපටය හදන්න ඕනේ ලෝකෙටත් පෙන්වන්න. ඒක පහසු නැහැ. අමාරු වැඩක්. හැබැයි අපිට පුළුවන්.

මම මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු හතළිහකට වැඩියි. මම හැම වෙලාවෙම හිතන්නේ මම මිය යන්න කලින් ලංකාවට දෙන්නේ මොකක්ද කියලා. ක්ෂේත්‍රයේ ඉතිරි කරලා යන දේ ගැන මම හිතනවා.

ඔබ මීට හතළිස් වසරකට කලින් තෝරගත්ත ක්ෂේත්‍රය ගැන සතුටු වෙනවාද?

මගේ තාත්තා හරි පොහොසත්. මම තිර පිටපතක් ලියලා තාත්තාට කිව්වා මට ඒක නිෂ්පාදනය කරන්න ඕනේ කියලා. තාත්තා මට කිව්වා පිස්සු කතා කරන්නේ නැතිව ඉස්කෝලේ ගිහින් ‍ෙදාස්තර කෙනෙක් හරි නීතිඥයෙක් හරි ගණකාධිකාරිවරයෙක් හරි වෙන්න කියලා. මම ඒක කරන්න අකැමැති නිසා මම ගෙදරින් පැනලා ඇමෙරිකාවට ගියා. ඒ මට හිතේ තියෙන දේ කරන්න ඕන නිසා. මට ඕන වුණේ චිත්‍රපට කරන්න.

ඉදිරි නිර්මාණ කටයුතු ගැනත් කියමු.

මම තිර පිටපතක් ලියලා තියෙනවා 'සරදියෙල්' ගැන. සරදියෙන් කරද්දිත් මම ඒ චරිතයට ගන්නේ දන්නේ නැති කෙනෙක්ව. එතකොට චිත්‍රපටය බලන කෙනාට දැනෙන්නේ ඒ සරදියෙල්ම තමයි කියලා.

තවත් පොඩි සිංහල චිත්‍රපට කිහිපයක්ම කරන්නත් මගේ හිතේ අදහස් තියෙනවා. තවත් හොඳ චිත්‍රපටයක් කරන්නත් සැලසුම් කරගෙන තියෙන්නේ.

තිළිණි කෞශල්‍යා
විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon