නව නිපැයුම් තරගයෙන් වත්තේගම දෙමළ විදුහලේ පුෂ්පරාජට සම්මාන

  👤  1583 readers have read this article !
Published by : MB WEB 2018-11-29 08:03:56

වත්තේගම - එස්.එන්. විමලසිරි

කොරියානු නව නිපැයුම් ප්‍රවෘත්ති අංශය මඟින් පවත්වන ලද 2018 කොරියානු නව නිපැයුම්කරුවන්ගේ පාසල් අංශයේ තරගයෙන් කුසලතා සම්මාන දෙකක් (2) දිනා ගැනීමට වත්තේගම භාරති දෙමළ මහා විද්‍යාලයේ 8 වැනි ශේ‍ර්ණියේ ඉගෙනුම ලබන පුෂ්පරාජ් විෂ්ණු දර්ශන් සිසුවා සමත්වී ඇත.

ඔහු විසින් මෙම කුසලතා සම්මාන දෙක ලබාගෙන ඇත්තේ (77) නව තාක්ෂණය සහ (98) ගමනාගමනය යන අංශ දෙකෙනි.

කොරියානු නව නිපැයුම් ප්‍රවෘත්ති අංශය (ම්ඪදඥඹඵ) මඟින් 7 වැනි වරටත් පවත්වන ලද මෙම තරගාවලිය සඳහා ලෝකයේ රටවල් 364ක් සහභාගි වී ඇති අතර ඒ සඳහා සම්මාන 752ක් පිරිනමා ඇත.

ඒ අතරින් මෙම සිසුවා විසින් ඉදිරිපත් කරන ලද හිරු එළියෙන් ක්‍රියා කරන ත්‍රීවීල් රථයට සහ හිරු එළියෙන් ක්‍රියා කරන ශීතකරණය සඳහා මෙම සම්මාන දෙක හිමිව ඇත.

මෙම සිසුවා කොරියාවේ සෝල් නගරයේ 2018 දෙසැම්බර් මස 09 වැනි දින සෝල් ගාර්ඩන් හෝටලයේ පවත්වනු ලබූ ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වීම සඳහා කොරියාවේ සෝල් නගරය බලා පිටත්ව යෑමට නියමිතව ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon