පුළුල් කිරීමේ කොන්ත්‍රාත්තුව අතරේ කෙසෙල්ගමු ඔයේ මැණික් ගැරීමේ ජාවාරමක්

  👤  1390 readers have read this article !
Published by : MB WEB 2018-11-21 06:26:11

නෝර්වුඩ් - නීටා පත්ම කුමාරි

කෙසෙල්ගමුඔය පිටාර ගැලීම වළක්වන ගඟ පුළුල් කිරීමේ කොන්ත්‍රාත්තුව ලබාගත් කොන්ත්‍රාත්කරු විසින් ගඟේ මැණික් ඉල්ලම් ගොඩ දැමීමට ප්‍රමුඛතාව දක්වන බව ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා එල්ල වී තිබේ.
වැසි දිනවලදී නෝර්වුඩ් ප්‍රදේශයෙන් කෙසෙල්ගමුඔය පිටාර ගැලීම නිසා ගඟ අසල පදිංචි පවුල් කිහිපයක් ආපදාවට ලක්වන හෙයින් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මඟින් කෙසෙල්ගමුඔය ස්ථාන කිහිපයකින් පුළුල් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.

ගඟ පුළුල් කිරීමේ කටයුතු තලවාකැලේ ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුවකු විසින් ලබා ගෙන ඇති අතර කපා ඉවත් කරන පස්වල ඇති මැණික් ඉල්ලම් ගොඩගැනීම සඳහා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය මඟින් ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුට වෙන්දේසියක් මඟින් ලබාදී ඇත.

නෝර්වුඩ් අයර්බි මංසන්ධියේ විශාල පාලමට මීටර් 45ක් එපිටින් මෙම කටයුතු සිදු කරන ලෙස නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ විධායක ඉන්ජිනේරු කේ.ඩී.බී.ආර්. දේවප්‍රිය මහතා විසින් කොන්ත්‍රාත්කරුට උපදෙස් ලබාදී තිබියදීත් කොන්ත්‍රාත්කරු විසින් පාලම අසලට පැමිණ බැකෝ යන්ත්‍රයක් උපයෝගි කර ගනිමින් මැණික් ඉල්ලම් ගොඩ දමන බවට චෝදනා නැංවේ.

මෙසේ මැණික් ඉල්ලම් ගොඩදැමීම හේතුවෙන් කෙසෙල්ගමු ඔය හරහා ඉදි කර තිබෙන පාලම කඩාවැටීමේ අවදානමකට ලක්විය හැකි බව විධායක ඉන්ජිනේරුවරයාද කියා සිටී.

මේ අතර කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇති කොන්ත්‍රාත්කරු එම මැණික් ව්‍යාපාරිකයා සමඟ එක්ව ගඟ මධ්‍යයද හාරා මැණික් ඉල්ලම් ගොඩදමන බව ප්‍රදේශවාසීහු චෝදනා කරති. මෙම ව්‍යාපෘතිය සඳහා ලක්‍ෂ 28ක මුදල් රජයෙන් වෙන් කර ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon