සිංගර් කුසලාන 19න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලිය ආකාෂ් මෙන්ඩිස් පන්දු 41කින් ලකුණු 130යි

  👤  853 readers have read this article !
Published by : MB WEB 2018-11-20 07:36:43

දෙබරවැව ජාතික පාසල ලකුණු 22ට සීමා වෙයි

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 13න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ තරගයකදී පන්දුවෙන් දස්කම් දැක්වූ ගාල්ල මහින්ද විද්‍යාලයේ දකුණත් වේගපන්දු යවන තුසිත දහම් ලකුණු 5කට ප්‍රතිවාදී දෙබරවැව ජාතික පාසල් ඉනිමේ කඩුලු 8ක් බිඳ හෙළීමට සමත් විය. තුසිත දහම්ගේ මෙම පන්දු යැවීම හමුවේ දෙබරවැව ජාතික පාසල් පළමු ඉනිම පන්දුවාර 17.2කදී ලකුණු 22කට සීමා විය.

තවත් තරගයකදී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආකාෂ් මෙන්ඩිස් කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව පන්දු 41කදී ලකුණු 130ක් රැස් කළේය.

වමත් පිතිකරු ආකාෂ් මෙන්ඩිස් පන්දු 41කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 13ක් සමඟින් ලකුණු 130 රැස් කළ අතර, පන්දු 14කදී තම අර්ධ ශතකය රැස් කිරීමට ආකාෂ් සමත් විය. පන්දු 30කදී ශතකය රැස් කිරීමට ඔහු සමත් විය. තවත් තරගයකදී අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලයේ නායක රවිෂාන් නෙත්සර බළපිටිය රේවත විද්‍යාලයට එරෙහිව පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 123ක් රැස් කළේය.

මෙම තරගවලදී අම්බලන්ගොඩ ධර්මාශෝක, ගාල්ල මහින්ද, මාතර රාහුල, යන කණ්ඩායම් පළමු ඉනිමේ ජය ලැබීමට සමත්වූ අතර, අනෙක් තරග ජය පැරදුමෙන් තොරව අවසන් විය.

ගාල්ල මහින්ද - දෙබරවැව ජාතික පාසල

දෙබරවැව ජාතික පාසල: පළමු ඉනිම _ 22 (පන්දුවාර 17.2) තුසිත දහම් 5/8 මහින්ද: පළමු ඉනිම _ 163/2 (පන්දුවාර 27) නිකිල් ජයවීර 74, දිනුර කළුපහන 62, දුලන රාජපක්ෂ නොදැවී 15
දෙබරවැව ජාතික පාසල: දෙවැනි ඉනිම _ 96/5 (පන්දුවාර 43) එස්. හෙට්ටිආරච්චි 40, ආර්. සිතුමින්ද 15, දිනුර කළුපහන 26/3, තරුෂ ඩිල්ෂාන් 20/2 ගාල්ල මහින්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න _ බළපිටිය රේවත

පී. ද එස්. කුලරත්න: පළමු ඉනිම _ 219/5 (රවිෂාන් නෙත්සර 123, මතීෂ දුලජන 49)
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

ගාල්ල රිච්මන්ඩ් _ මාතර ශාන්ත සර්වේෂස්

ශාන්ත සර්වේෂස්: පළමු ඉනිම _ 132 (පන්දුවාර 49.4) නවෝද් පහන්සර නොදැවී 26, විශ්ව සුපුන් 23, සවිඳු සංදීප 21, ෂැරොන් අභිෂේක් 26/6 රිච්මන්ඩ්: පළමු ඉනිම _ 26/1 (පන්දුවාර 7) චෙහාන් සුබසිංහ නොදැවී 19 තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

මාතර රාහුල - රත්ගම දේවපතිරාජ

රාහුල: පළමු ඉනිම _ 185 (පන්දුවාර 56.1) යෙනුල සංතුෂ 36, ජනිඳු දහනායක 31, රෙසිඳු විශ්මල් 26, මතීෂ සාරංග 37/4, පැතුම් ශාමින්ද 59/4දේවපතිරාජ: පළමු ඉනිම _ 87 (පන්දුවාර 27.2) දිනිත ප්‍රභංක 22, මිනුග ලක්විඳු 12/3, පසිඳු ලියනගේ 29/, සදෙව් රිද්මක 2/2 රාහුල: දෙවැනි ඉනිම _ 41/2 (පන්දුවාර 11) සසිඳු බැට්ටගේ නොදැවී 18, මතීෂ සාරංග 17/2 මාතර රාහුල විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

අම්බලන්ගොඩ
ධර්මාශෝක - කරන්දෙණිය ම.ම.වි.

කරන්දෙණිය මමවි: පළමු ඉනිම _ 54 (පන්දුවාර 36.4) දිනුර ධනංජය 33, දෙනෙත් ගිම්හාන 12/5, ඉෂාන් අනුරාධ 9/4 ධර්මාශෝක: පළමු ඉනිම _ 245/2 (පන්දුවාර 15) ආකාෂ් මෙන්ඩිස් 130, චානුක ජයශ්‍රී නොදැවී 50, සෙනුර සඳරු 36
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon