බොදුබල සේනා සංවිධානයේ හිමිවරුන්ට එල්ල වූ කඳුළු ගෑස් ප‍්‍රහාරය පිළිබඳ ජනපති කනගාටුව පළ කරයි ….

  👤  1355 readers have read this article !
Published by : MB WEB 2018-11-19 16:30:51

බොදුබල සේනා සංවිධානයේ හිමිවරුන් ඇතුළු පිරිසක් අද (19) පෙරවරුවේ සංදේශයක් භාරදීමට ජනාධිපති කාර්යාලයට පැමිණි අවස්ථාවේ උන්වහන්සේලාට කඳුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් සිදු වූ අපහසුතාවය පිළිබඳව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පෞද්ගලිකව ම සිය කනගාටුව පළ කර සිටී.

උන්වහන්සේලා අද දිනයේ දී ජනාධිපතිතුමා හමුවීමට පැමිණෙන බවට දැනුවත් වී නොතිබූ අතර, කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කිරීමට උපදෙස් ලබා දුන් අයට එරෙහිව වහාම පරික්ෂණයක් පැවැත්වීමට ද ජනාධිපතිතුමා උපදෙස් දී තිබේ.

අනතුරුව අදාළ ස්වාමින් වහන්සේලා ඇතුළු පිරිස හමු වී සුහද කථා බහක නිරත වූ ජනාධිපතිතුමා උන්වහන්සේලා විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ අධිකරණ කටයුතුවලට අදාළව ඉදිරිපත් කර ඇති ඉල්ලීමක් සහිත ලිපිය භාරගනු ලැබීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon