සිංගර් කුසලාන වයස අවුරුදු 17න් පහළ අන්තර් පාසල් තෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලිය පොළොන්නරුව රාජකීය සහ වත්තල ශාන්ත ජෝශප් සම ශූරයෝ වෙති

  👤  1872 readers have read this article !
Published by : MB WEB 2018-11-19 07:42:26

පොළොන්නරුව රාජකීය සහ වත්තල ශාන්ත ජෝශප් දෙවිදුහල් 'සිංගර් කුසලාන' වයස අවුරුදු 17න් පහළ අන්තර් පාසල් තෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ සම ශූරයින් බවට පත්විය. සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලියේ අවසන් තරගය පොළොන්නරුව රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවැති අතර, එදින ඇතිවූ අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් තරගය විසඳුමකින් තොරව අවසන් විය.

අවසන් තරගයේ කාසියේ වාසිය හිමිකරගත් වත්තල ශාන්ත ජෝශප් විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහරදෙමින් පන්දුවාර 49.5කදී සියලු දෙනා දැවී ලකුණු 269ක් රැස් කළ අතර, වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට රාජකීය විද්‍යාලය පන්දුවාර 3.4කදී කිසිවකු නොදැවී රැස් කිරීමට සමත්වූයේ ලකුණු 4ක් පමණි.

ශාන්ත ජෝශප් ඉනිම ගොඩනැංවීමට මාලිංග සිල්වා ලකුණු 89ක් රැස් කරමින් ඉහළ දායකත්වයක් ලබාදුන් අතර, කීත් ගුණසේකර (41) සහ සෙනෙත් සිල්වා (29) ද තම ඉනිම ගොඩනැංවීමට දායකවූහ. පසිඳු චමෝද් ලකුණු 53ට කඩුලු 4ක් දවාලීය.

පොළොන්නරුව රාජකීය සහ වත්තල ශාන්ත ජෝශප් දෙවිදුහල් ලබන වසරේ සිට සිංගර් කුසලාන 17න් පහළ දෙවැනි කොටසේ තරග වැදීමට උසස්වීම් ලැබූහ.

වත්තල ශාන්ත ජෝශප් - පොළොන්නරුව රාජකීය ශාන්ත ජෝශප්: 269 (පන්දුවාර 49.5) මාලිංග සිල්වා 89, කීත් ගුණසේකර 41, සෙනෙත් සිල්වා 29, පසිඳු චමෝද් 53/4
රාජකීය: 4/0 (පන්දුවාර 3.4) තරගය විසඳුමකින් තොරව අවසන් විය.

ඉෂාන් රශ්මිත

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon