නීතිඥ හීනය හැබෑ කරගන්න තිරාෂාගේ රංගනයට විරාමයක්

  👤  1952 readers have read this article !
Published by : MB WEB 2018-11-21 07:21:37

තිරාෂා මේ දවස්වල රංගන ක්ෂේත්‍රයේ වැඩකටයුතුවල පේන්න නෑනේ. ඇයි ඒ?

ඇත්තටම මගේ අධ්‍යාපන කටයුතු නිසා තමයි මේ දවස්වල මට රංගන කටයුතුවලට සම්බන්ධ වන්න බැරි වෙලා තියෙන්නේ. දැන් මම නීති විද්‍යාලයට ඇතුළු වෙලා ඉන්නේ. පසුගිය කාලය පුරාවටම මම ඒ අධ්‍යාපන වැඩකටයුතුවලට කාර්ය බහුල වෙලා හිටියේ.

අධ්‍යාපන කටයුතු නිසා රංගනය අතහැරලාම දායිද?

රංගන කටයුතුවලින් අෑත් වෙන්න බලාපොරොත්තුවක් නෑ. මම රංගන කටයුතුවලට කැමැතියි. ඉදිරියේදී හොඳ වැඩකට හොඳ විදියට කතා කළොත් සම්බන්ධ වෙනවා. මේ කාලය අධ්‍යාපන කටයුතුවලට වෙන් කරලා ඒ ස්ථාවරය හදාගෙන හොඳ විදියට චරිතවලට සම්බන්ධ වෙනවා.

අලුත් නිර්මාණවලට ආරාධනා ලැබුණෙත් නැද්ද?

වැඩ ගොඩකට ආරාධනා ලැබුණා. ඒ ආරාධනා ලැබුණේ මට විභාග තියෙන කාලයෙමයි. ඒ නිසා ඒ ආරාධනා භාර ගන්න බැරිවුණා.

කාලයක් රංගන කටයුතුවලින් නිවාඩු ගත්තාම ප්‍රේක්ෂකයන්ට තිරාෂාව අමතක වෙන එකක් නැද්ද?

අමතක වෙයිද කියලා නම් දන්නේ නැහැ. හැබැයි දැන් නම් ගොඩක් අය මගෙන් අහනවා ඇයි පේන්න නැත්තේ කියලා. කොහොම වුණත් ටික කාලයක් රංගනයෙන් නිහඬ වෙලා ඉන්න එක හොඳයි. ටික කාලයක් නිහඬ වෙලා ඉඳලා ආයෙත් හොඳ වැඩකින් පේන්න ඉන්න කොට අගය වැඩියි.

විවාහයත් එක්ක තිරාෂා රංගනයෙන් අෑත් වුණා කියලා තමයි සමහරු හිතුවේ?

සමහරු අහනවා හස්බන්ඩ් මට රඟපාන්න දෙන්නේ නැද්ද කියලා. මම රඟපානවාට සැමියාගේ අකැමැත්තක් නැහැ. කවුරුවත්ම මට තහනම් දාලා නැහැ. මගේ වැඩකටයුතු නිසා තමයි රංගනයට විරාමයක් තියන්න වුණේ.

සමහරු ජනප්‍රියත්වය නිසා බොහෝ දේවල් මඟහරිනවා. හැබැයි ජනප්‍රියත්වය නිසා තිරාෂා අධ්‍යාපන කටයුතු මඟහැර ගත්තේ නෑ නේද?

ජනප්‍රියත්වය කියන දේ ලොකු වාසනාවක්. නමුත් ජනප්‍රියත්වය තියෙන කෙනාට අධ්‍යාපනික මට්ටමත් යම් මට්ටමකට තිබ්බොත් ඒක වටිනවා. රංගනය කියන දේ වුණත් නිකන් කරන්න බෑ. ඒකටත් දැනුමක් තියෙන්න ඕන. ඕනම ක්ෂේත්‍රයක දැනුමක් තියෙන එක වටිනවා. මම කැලණිය විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ උපාධියක් ලබා ගත්තා. මම හරි ආසයි ලෝකය ගැන ඉගෙන ගන්න.

තිරාෂාට නීතිඥවරියක් වීමේ බලාපොරොත්තුව ගොඩනැඟුණේ කොයි කාලෙද?

නීති විෂය හදාරන්න මට ලොකු කැමැත්තක් තිබ්බා. නීතිඥවරියක් වෙන්න තිබ්බ ආශාවට තමයි උසස් පෙළට කලා විෂය මම තෝරා ගත්තේ. ඒත් නීති පීඨයට මට ඇතුළු වෙන්න බැරි වුණා. කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිය කරලා ඊට පස්සේ ආයෙත් නීතිඥවරියක් වෙන හීනයට යන ගමන පටන් ගත්තා.

තව කොච්චර කාලයක් රංගනයෙන් නිහඬ වෙයිද?

මම අවුරුදු 1 1/2ක් විතර රංගන කටයුතුවලට සම්බන්ධ වුණේ නැහැ. ලබන අවුරුද්දේ විතර ආයෙත් වැඩ පටන් ගන්න ඕනේ. නැත්නම් මාව අමතක වෙන්නත් පුළුවන්නේ.

කොච්චර කාර්යබහුල වුණත් තිරාෂාගේ උපන් දිනය නම් පවුලේ අයත් එක්ක සැමරුවා නේද?

හැම අවුරුද්දෙම පවුලේ අයත් එක්ක මගේ උපන් දිනය සමරනවා. මම මේ සැරේ විභාගයට ලියලා එද්දී ගෙදර අය පාටියක් ලෑස්ති කරලා මාව සර්ප්‍රයිස් කළා.

උපන් දින සැමරුමට සැමියා පේන්න හිටියේ නෑනේ ?

එයා ඉන්නේ දෝහ කටාර්වලනේ. එයාගේ වැඩකටයුතු එක්ක මගේ උපන් දිනයට එයාට එන්න බැරි වුණා.

දෙන්නා කවද්ද එක තැනකට වෙන්නේ?

මම ලංකාවේ වැඩි කාලයක් ඉන්න ලොකු කැමැත්තක් නෑ. අධ්‍යාපන කටයුතු ඉවර වෙලා එක තැනකට වෙන්න ඕන.

තිළිණි කෞශල්‍යා
විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon