‘ගජ’ චණ්ඩ සුළි කුණාටුව දිවයිනෙන් ඉවතට
'ගජ' චණ්ඩ සුළි කුණාටුව බටහිරට බරව නිරිත දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින 'ගජ' චණ්ඩ සුළි කුණාටුව නොවැම්බර් මස 15 දින පෙ.ව 08.30 වන විට කන්කසන්තුරය සිට ආසන්න වශයෙන් කි.මී 325 පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 11.3 සහ නැගෙනහිර දේශාංශ 82.6 ආසන්නයේ ස්ථානගතව පවතී.
ඉන් අනතුරුව මෙම පද්ධතිය ලංකාවේ උතුරු වෙරළතීරය ට කි.මී.120 ක් ඈතින් ගමන් කොට දකුණු තමිල්නාඩු වෙරළ හරහා යනු ඇත. මෙම පද්ධතිය අද(16) දිනයෙන් පසුව දිවයිනෙන් ඉවතට ගමන් කරයි. මේ නිසා දිවයිනේ උතුරු පළාතේ සහ දිවයිනට උතුරින් වන මුහුදු ප්‍රදේශවල සුළං සහ වැසි තත්ත්වය සවස් කාලයෙන් පසුව ක්‍රමයෙන් අඩුවේ යැයි බලාපොරොත්තුවේ.
මන්නාරම සිට කන්කසන්තුරේ දක්වා වන වෙරළාසන්න පහත් ගොඩබිම් ප්‍රදේශ මුහුදු ජලයෙන් යටවිය හැක. උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. යාපනය අර්ධද්වීපයේ මි. මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක. අනුරාධපුර සහ පුත්තලම දිස්ත්‍රීක්කවල වැසි වාර කිහිපයක් ඇතිවේ.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු පළාතේ, විශේෂයෙන් යාපනය අර්ධද්වීපය හරහා හමන තද සුළං (පැ.කි.මී. 70-80) ඇතිවිය හැකි අතර සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 100 දක්වා වැඩි විය හැක.
පුත්තලම සහ අනුරාධපුර දිස්ත්‍රික්ක හරහා හමන තරමක් තද සුළං (පැ.කි.මී. 50-60) ඇතිවිය හැකි අතර සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 70 දක්වා වැඩි විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද මව්බිමෙන්
- ජනාධිපති කොමිසම කබීර් හෂීම්ගෙන් පැය 04ක් කරුණු විමසයි 🕔2019-02-22
- නීති විරෝධී ක්‍රියාවල යෙදෙන ධීවරයන්ගේ බලපත්‍ර ජීවිත කාලයටම තහනම් 🕔2019-02-22
- ඥානසාර හිමි නඩු තීන්දු සම්බන්ධව සංඝාධිකරණයකින් විමසා බලන්නැයි බොදුබල සේනා ඉල්ලයි 🕔2019-02-22
- ඥානසාර හිමි නඩු තීන්දු සම්බන්ධව සංඝාධිකරණයකින් විමසා බලන්නැයි බොදුබල සේනා ඉල්ලයි 🕔2019-02-22
- ගල්ගමුවේ පණ්ඩුක ඇතා මිය ගොස් ඇත්තේ මුඛයේ හා උගුරේ ඇතිවූ ආසාධනයකින් 🕔2019-02-22
- එක් කෝටි හැටතුන් ලක්ෂයක රන්බඩු හා රන් බිස්කට් ගෙනැල්ලා 🕔2019-02-22
- අයිස් හොයන්න ගිහින් මදුක මැරුම්කයි 🕔2019-02-22
- ළමයින් ඇතුළු 11 දෙනකු පැහැර ගැනීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් 6 වැනිදා දක්වා රිමාන්ඩ් 🕔2019-02-22
- මාධ්‍යවේදියකුට පහර දුන් පොලිස් පරීක්ෂකවරයා රු. 50,000ක ඇප මත මුදා හරියි 🕔2019-02-22
- පාසල් දරුවකුත් සමඟ හෙරොයින් ජාවාරමේ යෙදුණු කාන්තාවක් අත්අඩංගුවට 🕔2019-02-22
- ඊශ්‍රායලයට වන්දනාවේ ගිය පිරිසක් පිටුවහල් කරති 🕔2019-02-22
- අලි නඩුව විභාග කිරීමට බලයක් තිබේද යන්න තීන්දුව මාර්තු 7 වැනිදා 🕔2019-02-22
- දඹාන පෞද්ගලික කෞතුකාගාරයක තිබූ බලපත්‍ර රහිත සත්ත්ව හා ශාක කොටස් සමග සැකකරු අත්අඩංගුවට 🕔2019-02-22
- සැබෑ සිංහල බෞද්ධයන් වැඩ කරනවා මිස බෙර ගහන්නේ නෑ 🕔2019-02-22
- ජනතාව පාර්ලිමේන්තුවට පත්කරලා එවන්නේ කුඩුකාරයෝද? 🕔2019-02-22
- මත්ද්‍රව්‍ය භාවිත කරන ඇමැතිවරුන් ගැන සොයන කමිටුව ගැන අපිට විශ්වාසයක් නෑ 🕔2019-02-22
- ගුරුවරයයි බිරියයි මාර ගහක් උඩ මාර උපවාසයක 🕔2019-02-22
- ග්ලෝරියස් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරීම හෙටමb 🕔2019-02-22
- යාපනයේ පාසලක ක්‍රීඩා උළෙලක ඊළාම් සිතියමක් 🕔2019-02-22
- පළාත් සභා ඡන්දය ඉක්මන් කිරීමට ගතයුතු පියවර ගැන ජනපති - විපක්ෂ නායක සාකච්ඡාවක් අද 🕔2019-02-22