අසාධාරණයක් වුණොත් තමයි මට කේන්ති යන්නේ

  👤  1713 readers have read this article !
Published by : MB WEB 2018-11-18 08:32:25

• මේ දවස්වල රංගන ක්ෂේත්‍රයේ

වැඩ කටයුතු මොනවාද කියලා
මුලින්ම කියමු.

මේ දවස්වල හිරු නාළිකාවේ යන අහස් මාලිගා ටෙලි නාට්‍යයේ රූගත කිරීම් කරගෙන යනවා. ඊට අමතරව අලුත් ටෙලි නාට්‍ය දෙකක් භාරගෙන තියෙනවා. එකක් නන්දසේන මහත්මයාගේ නිෂ්පාදනයක්. අනෙක නිල්වලා ආයතනයේ ටෙලිනාට්‍යයක්.

• විශ්ව දැන් නාට්‍ය ගොඩක දකින්න
ලැබෙන්නේ නෑනේ?

එහෙම අඩුවක් නම් මම දන්නේ නැහැ. මම රංගනයේ යෙදෙන දවස් පහේම විකාශය වෙන ටෙලි නාට්‍යයක් හිරු නාළිකාවේ මේ දවස්වල යනවා.
ඒ නිසා කාර්යබහුල වෙයි කියන බයට මම වැඩිය නිර්මාණ භාර ගන්නේ නැහැ.

• සිනමාවේ අලුත් වැඩවලට
සම්බන්ධ වුණේ නැද්ද?

පසුගිය දවස්වල චිත්‍රපටයක වැඩ ආරම්භ කරන්න හිටියා. වැහිබර කාලගුණය සහ සුළු සුළු ගැටලු කිහිපයක් නිසා ඒක පොඩ්ඩක් කල් ගියා. ඒ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සුනිල් ටී. ප්‍රනාන්දු මහතා කරන්නේ. අධ්‍යක්ෂණය සුදේශ් වසන්ත පිරීස් මහත්මයාගේ.

• ටෙලි නාට්‍ය සහ සිනමාව අතරින්
වැඩිපුරම කැමැති ක්ෂේත්‍රය?

මම රංගන ක්ෂේත්‍රයට ආවේ සිනමාවෙන්. ඊට පස්සේ ටෙලි නාට්‍ය තමයි ගොඩක් කළේ. හැබැයි සිනමාව තමයි මම ආදරේ කරන තැන.

අද මිනිස්සුන්ට චිත්‍රපටයක් බලන්න වෙලාව නැහැ. හැබැයි ටෙලි නාට්‍ය මිනිස්සුන්ට ඕනෙ වෙලාවක බලන්න පුළුවන්. ආර්ථික තත්ත්වය වගේ දේවලුත් එක්ක චිත්‍රපට නැරඹීම කියන එක මිනිස්සුන්ගෙන් ගොඩක් අෑත්වෙලා තියෙනවා. ඕනෑම රංගන ශිල්පියෙක්, ශිල්පිනියක් කැමැතියි සිනමා රංගන ශිල්පියෙක් ශිල්පිනියක් වෙන්න. මමත් සිනමා නළුවෙක් වෙන්න ගොඩක් ආසයි. ඒත් මම ටෙලිනාට්‍ය කියන එක අමතක කරන්නේ නැහැ. මොකද මම මිනිස්සු අතරට ගියේ ටෙලි නාට්‍යවලින්.

• සිනමාවට කැමැති වුණත් සිනමාවේ
ඔබව දකින්න ලැබෙන්නේ අඩුවෙන්?

චිත්‍රපටවලට ආරාධනා අඩුවෙන්න ටෙලි නාට්‍යවල ඉන්න එකත් එක හේතුවක් වෙන්න ඇති කියලා මම හිතනවා. හැබැයි මටත් පුළුවන් කාල වේලාව වෙන් කරගෙන ඒ වැඩ කටයුත්ත කරන්න.
මම ක්ෂේත්‍රයට ඇවිල්ලා දැනට අවුරුදු 10ක්. ඒකෙන් මම අවුරුදු 03ක්ම කැප කළේ මහේන්ද්‍ර පෙරේරා මහත්තයාගෙන් ඉගෙන ගන්න. ඉතින් එච්චර කැපකිරීමක් කරපු මට ඒ දේවල් වෙනුවෙන් කාලය වෙන් කරන්න බැරි නම් වැඩක් නැහැනේ.

• වේදිකාවට එන්න බලාපොරොත්තුවක්
නැද්ද?

මම වේදිකාවටත් හරිම ආදරෙයි. මම වේදිකා නාට්‍යයක් කළා. සමාජයට හොඳ පණිවුඩයක් ගෙනාපු කෝරලේ මහත්තයා වේදිකා නාට්‍ය. ඒකට හොඳ ප්‍රතිචාර ලැබුණා.
ඊට පස්සේ වේදිකා නාට්‍යයක් කරන්න ලැබුණේ නැත්තේ කාල වේලාව අඩුකම නිසා. නැත්නම් රංගන ශිල්පියකුට වේදිකාව කියන දේ නම් අනිවාර්යයි.

• විශ්වට කලින් තිබුණු ජනප්‍රියත්වය
තාමත් තියෙනවාද?

මම එදා ජනප්‍රියද අද ජනප්‍රියද හෝ හෙට ජනප්‍රිය වෙයිද කියලා දන්නේ නැහැ. මම ඒ වෙනුවෙන් පෙනී හිටින කෙනෙක් නෙවෙයි.

මම දකින එකම දේ තමයි පාරට බැස්සම මිනිස්සු මගෙත් එක්ක ඇවිත් කතා කරනවා. ඒක වැඩි වෙලා තියෙනවා මිසක් අඩුවක් නැහැ. මම ඒක ගැන සන්තෝෂ වෙනවා. හැබැයි ඒක ජනප්‍රියත්වයද කියලා මම දන්නේ නැහැ.

ජනතාව මගෙත් එක්ක කතා කරන්නේ හරිම ආදරයෙන්. ඉතින් ඕනම තැනක මම මිනිස්සු එක්ක හදවතින්ම හිනාවෙලා කතාබහ කරනවා. මම ජනප්‍රසාදයට ලක්වෙන්න ආසයි. ජනතාව මට ආදරෙයි. මම ඔවුන් එක්ක මට පුළුවන් හැම වෙලාවකම ඉන්නවා. කතා කරන්න පුළුවන් ඕන වෙලාවක මම කතා කරනවා.

• විශ්ව කියන්නේ කේන්තිකාරයෙක්ද?

අසාධාරණයක් සිද්ධ වුණ තැනකදී නම් පොඩ්ඩක් කේන්ති යනවා. නැත්නම් ඉතින් එහෙම කේන්ති ගන්න චරිතයක් නම් නෙවෙයි මම. ඕනම දෙයක් සුහදව විස¼දගන්න උත්සාහ ගන්නවා. කේන්තිය කියන එක පාලනය කරගෙන වැඩ කටයුතු කරන්න තමයි උත්සාහ ගන්නේ. මොකද කේන්ති ගන්න කැමැති නැති නිසා.

• විශ්ව පවුල වෙනුවෙන් කොයි තරම්
කාලය වෙන් කරනවාද?

කොච්චර නිර්මාණ වෙනුවෙන් කාලය ගත කළත් අනිවාර්යෙන්ම මාසෙන් දවස් කිහිපයක් මගේ දරු පවුල එක්ක ඉන්නත් මහනුවර මගේ ගෙදර යන්නත් කාලය වේලාව වෙන්කර ගන්නවා.

• එහෙනම් පවුල් ජීවිතය සතුටින් ගත
කරනවා ඇති?

ඔව්. පවුල් ජීවිතය හරි සුන්දරයි. මගේ දුව කවින්ද්‍යා ගංගාදරී කොඩිකාර. දැන් එයාට වයස අවුරුදු 03යි. බාලයා ඔනෙත් ධනාල් කොඩිකාර. එයාට අවුරුදු 02යි. දරුවොත් එක්ක ගත කරන ජීවිතය හරි සුන්දරයි. ඒගොල්ලො එක්ක ගත කරන කාලය සහ ඒගොල්ලො සතුටු වෙන විදිය දැක්කම හරි සන්තෝෂයි.

ඉරේෂා කල්හාරි
සේනාධීර

අසාධාරණයක් වුණොත් තමයි මට කේන්ති යන්නේ 
 •මේ දවස්වල රංගන ක්ෂේත්‍රයේ වැඩ කටයුතු මොනවාද කියලා මුලින්ම කියමු.
 මේ දවස්වල හිරු නාළිකාවේ යන අහස් මාලිගා  ටෙලි නාට්‍යයේ රූගත කිරීම් කරගෙන යනවා. ඊට අමතරව අලුත් ටෙලි නාට්‍ය දෙකක් භාරගෙන තියෙනවා. එකක් නන්දසේන මහත්මයාගේ නිෂ්පාදනයක්. අනෙක නිල්වලා ආයතනයේ ටෙලිනාට්‍යයක්.
•විශ්ව දැන් නාට්‍ය ගොඩක දකින්න ලැබෙන්නේ නෑනේ?
 එහෙම අඩුවක් නම් මම දන්නේ  නැහැ. මම රංගනයේ  යෙදෙන දවස් පහේම විකාශය වෙන ටෙලි නාට්‍යයක් හිරු නාළිකාවේ මේ දවස්වල යනවා. ඒ නිසා කාර්යබහුල වෙයි කියන බයට මම වැඩිය  නිර්මාණ භාර ගන්නේ නැහැ.
•සිනමාවේ අලුත් වැඩවලට සම්බන්ධ වුණේ නැද්ද?
 පසුගිය දවස්වල චිත්‍රපටයක වැඩ ආරම්භ  කරන්න හිටියා. වැහිබර කාලගුණය සහ සුළු සුළු ගැටලු කිහිපයක් නිසා ඒක පොඩ්ඩක් කල් ගියා. ඒ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සුනිල් ටී. ප්‍රනාන්දු මහතා කරන්නේ. අධ්‍යක්ෂණය සුදේශ් වසන්ත පිරීස් මහත්මයාගේ.
•ටෙලි නාට්‍ය සහ සිනමාව අතරින්වැඩිපුරම කැමැති ක්ෂේත්‍රය?
 මම රංගන ක්ෂේත්‍රයට ආවේ සිනමාවෙන්. ඊට පස්සේ ටෙලි නාට්‍ය තමයි ගොඩක් කළේ. හැබැයි සිනමාව තමයි මම ආදරේ කරන තැන.
 අද මිනිස්සුන්ට චිත්‍රපටයක් බලන්න වෙලාව නැහැ. හැබැයි ටෙලි නාට්‍ය මිනිස්සුන්ට ඕනෙ වෙලාවක බලන්න පුළුවන්. ආර්ථික තත්ත්වය වගේ දේවලුත් එක්ක චිත්‍රපට නැරඹීම කියන එක මිනිස්සුන්ගෙන් ගොඩක් අෑත්වෙලා තියෙනවා. ඕනෑම රංගන ශිල්පියෙක්, ශිල්පිනියක් කැමැතියි සිනමා රංගන ශිල්පියෙක් ශිල්පිනියක් වෙන්න.  මමත් සිනමා නළුවෙක් වෙන්න ගොඩක් ආසයි. ඒත් මම ටෙලිනාට්‍ය කියන එක අමතක කරන්නේ නැහැ. මොකද මම මිනිස්සු අතරට ගියේ ටෙලි නාට්‍යවලින්.
•සිනමාවට කැමැති  වුණත් සිනමාවේ ඔබව දකින්න ලැබෙන්නේ අඩුවෙන්?
 චිත්‍රපටවලට ආරාධනා අඩුවෙන්න ටෙලි නාට්‍යවල ඉන්න එකත් එක හේතුවක් වෙන්න ඇති කියලා  මම හිතනවා. හැබැයි මටත් පුළුවන් කාල වේලාව වෙන් කරගෙන ඒ වැඩ කටයුත්ත කරන්න. මම ක්ෂේත්‍රයට ඇවිල්ලා දැනට අවුරුදු 10ක්. ඒකෙන් මම අවුරුදු 03ක්ම කැප කළේ මහේන්ද්‍ර පෙරේරා මහත්තයාගෙන්  ඉගෙන ගන්න. ඉතින් එච්චර කැපකිරීමක් කරපු මට ඒ දේවල් වෙනුවෙන් කාලය වෙන් කරන්න බැරි නම් වැඩක් නැහැනේ.
•වේදිකාවට එන්න බලාපොරොත්තුවක් නැද්ද?
 මම වේදිකාවටත් හරිම ආදරෙයි. මම වේදිකා නාට්‍යයක් කළා. සමාජයට හොඳ පණිවුඩයක් ගෙනාපු කෝරලේ මහත්තයා වේදිකා නාට්‍ය. ඒකට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඊට පස්සේ වේදිකා නාට්‍යයක් කරන්න ලැබුණේ නැත්තේ කාල වේලාව අඩුකම නිසා. නැත්නම් රංගන ශිල්පියකුට වේදිකාව කියන දේ නම් අනිවාර්යයි.
•විශ්වට කලින් තිබුණු ජනප්‍රියත්වයතාමත් තියෙනවාද?
 මම එදා ජනප්‍රියද අද ජනප්‍රියද හෝ හෙට ජනප්‍රිය වෙයිද කියලා දන්නේ නැහැ. මම ඒ වෙනුවෙන් පෙනී  හිටින කෙනෙක් නෙවෙයි. 
මම දකින එකම දේ තමයි පාරට බැස්සම මිනිස්සු මගෙත් එක්ක ඇවිත් කතා කරනවා. ඒක වැඩි වෙලා  තියෙනවා මිසක් අඩුවක් නැහැ. මම ඒක ගැන සන්තෝෂ වෙනවා. හැබැයි ඒක ජනප්‍රියත්වයද කියලා මම  දන්නේ නැහැ. 
ජනතාව මගෙත් එක්ක කතා කරන්නේ හරිම ආදරයෙන්. ඉතින් ඕනම තැනක මම මිනිස්සු එක්ක හදවතින්ම හිනාවෙලා කතාබහ කරනවා. මම ජනප්‍රසාදයට ලක්වෙන්න ආසයි. ජනතාව මට ආදරෙයි. මම ඔවුන් එක්ක මට පුළුවන් හැම වෙලාවකම ඉන්නවා. කතා කරන්න පුළුවන් ඕන වෙලාවක මම කතා  කරනවා.
•විශ්ව කියන්නේ කේන්තිකාරයෙක්ද?
 අසාධාරණයක් සිද්ධ වුණ තැනකදී නම් පොඩ්ඩක් කේන්ති යනවා. නැත්නම් ඉතින් එහෙම කේන්ති ගන්න චරිතයක් නම් නෙවෙයි මම. ඕනම දෙයක් සුහදව විස¼දගන්න උත්සාහ ගන්නවා. කේන්තිය කියන එක පාලනය කරගෙන වැඩ කටයුතු කරන්න තමයි  උත්සාහ ගන්නේ. මොකද කේන්ති ගන්න කැමැති නැති නිසා.
•විශ්ව පවුල වෙනුවෙන් කොයි තරම් කාලය වෙන් කරනවාද?
 කොච්චර නිර්මාණ වෙනුවෙන් කාලය ගත කළත් අනිවාර්යෙන්ම මාසෙන් දවස් කිහිපයක් මගේ  දරු පවුල එක්ක ඉන්නත් මහනුවර මගේ ගෙදර යන්නත් කාලය වේලාව වෙන්කර ගන්නවා.
•එහෙනම් පවුල් ජීවිතය සතුටින් ගත කරනවා ඇති?
 ඔව්. පවුල් ජීවිතය හරි සුන්දරයි. මගේ දුව කවින්ද්‍යා ගංගාදරී කොඩිකාර. දැන් එයාට වයස අවුරුදු 03යි. බාලයා ඔනෙත් ධනාල් කොඩිකාර. එයාට අවුරුදු 02යි. දරුවොත් එක්ක ගත කරන ජීවිතය හරි සුන්දරයි. ඒගොල්ලො එක්ක ගත කරන කාලය සහ ඒගොල්ලො සතුටු වෙන විදිය දැක්කම හරි සන්තෝෂයි.
 ඉරේෂා කල්හාරි    සේනාධීර

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon