මාතලේ දිස්ත්‍රික්කයේ අලි ගැටලුවට නැහැ විසඳුම්

  👤  2215 readers have read this article !
Published by : MB WEB 2018-11-09 06:01:35

මාතලේ - හේවා පී. කරුණාරත්න

වන අලි ප්‍රශ්නයට විසඳුම් ලබාදීමට අපොහොසත්වීමෙන් මාතලේ දිස්ත්‍රික්කයේ සිවිල් සංවිධාන හා ප්‍රජා නායකයන්ගේ විරෝධය පළ වෙමින් තිබේ.

මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයක වසම් 68කට මේ වනවිට වන අලි තර්ජනය බලපා තිබේ. ඉකුත් කාලය තුළදී රුපියල් කෝටි ගණනක අලාභයක් සිදු කරමින් බවබෝග විනාශ කළ වන අලින් මිනිස් ජීවිත කීපයක්ද බිලිගෙන තිබිණි. මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ අක්කර දහස් ගණනක රක්ෂිත වනාන්තර එළිපෙහෙළි වෙද්දී උන්හිටි තැන් අහිමිවූ වන අලින් ගම්වැදී ජීවිත හා දේපොළවලට හානි කරන බව පරිසර සංවිධාන පෙන්වා දෙයි.

වන අලින් ගම් වැදීම වළක්වා ගැනීම සඳහා රුපියල් කෝටි ගණනක් වැයකර විදුලි වැට ඉදි කළත් ඒවා අක්‍රියවීම වන අලින්ගේ ගමනට බාධාවක්වී නොමැති බව අඹන ගොවි සංවිධානයේ සභාපති ටී.බී. අල්ලේගම මහතා පවසයි.

ගම්වැදුණු වන අලින් පලවා හැරීම සඳහා අලි වෙඩි ලබාදීම හා මෙහෙයුම් සිදු කරන නමුත් පවතින මානව හා භෞතික සම්පත් හිඟය තුළ අපේක්ෂිත ඉලක්කයන් සපුරා ගැනීමට නොහැකිව ඇති බවද වනජීවී නිලධාරියකු පැවැසීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon