සමස්ත ලංකා සවාට් ප්‍රසංග බොක්සිං ශුරතාව

  👤  1440 readers have read this article !
Published by : MB WEB 2018-11-07 06:07:07

ගම්පොළ - මාධව බණ්ඩාර

2018 සමස්ත ලංකා සවාට් ප්‍රංශ බොක්සිං ශුරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මහනුවර හිඳගල සීවලී මහ විද්‍යාලයේ කසුන් මාපලගම හා දක්ෂතම ක්‍රීඩකාව ලෙස ගම්පොළ ‍ෙදාළුව මහ විද්‍යාලයේ රශ්මි ලියන්දෙණිය ජයග්‍රහණය ලබා සිටිති.

ශ්‍රී ලංකා ප්‍රංශ සවාට් ජාතික සම්මේලනය හා මධ්‍යම පළාත් සවාට් ප්‍රංශ බොක්සිං සංගමය විසින් සංවිධානය කර තිබූ මෙම තරගාවලිය නාවලපිටිය ජයතිලක ගෘහස්ථ ක්‍රීඩාගංණයේදී දින 2ක් පුරා පැවැත්විය.
ජනාධිපති ඩී.බී. විජේතුංග අනුස්මරණ කුසලානය ප්‍රංශ බොක්සිං ශූරතාවලිය ලෙස නම් කර ඇති මෙම තරගාවලිය සඳහා දිස්ත්‍රික් රැසක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400ක් පමණ සහභාගි වී සිටි අතර ඔවුන් බර පන්ති 20ක් යටතේ තරග කරනු ලැබීය.

මෙම තරගාවලියේ සමස්ත ශූරතාව පදක්කම් 84ක් දිනාගත් මහනුවර මාස් ජාත්‍යන්තර ඇකඩමිය විසින් දිනාගත් අතර ලංකා චයිනීස් කුංග්ෆු ඇන්ඩ් ප්‍රංශ බොක්සිං ඇකඩමිය පදක්කම් 52ක් ලබා ගනිමින් එහි අනුශූරතාව දිනා ගනු ලැබීය.

තුන්වැනි ස්ථානය හිමි වූයේ පදක්කම් 42ක් දිනාගත් මාතලේ දිස්ත්‍රික් සවාට් සංගමයටයි.

මෙම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වූ රශ්මි ලියන්දෙණිය හා දක්ෂතම ක්‍රීඩකයා වූ කසුන් මාවිලගම පිට පිටම වසර 3ක් එම සම්මාන ගැනීම විශේෂත්වයකි.

ප්‍රංශ සවාට් බොක්සිං ක්‍රීඩාව 1924 ඔලිම්පික් ක්‍රීඩාවට නියමිත ක්‍රීඩාවක් වන අතර ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පුහුණු කිරීම මෙම තරගාවලියේ ප්‍රධානම අරමුණ බව මෙරට ජාතික පුහුණුකරු ප්‍රසන්න වික්‍රමසිංහ මහතා පැවැසීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon