කිරිමැටියාන බෞද්ධ බාලිකාවේ සිසුවියකට කරාතේ තරගයකින් ලෝකඩ පදක්කමක්

  👤  1497 readers have read this article !
Published by : MB WEB 2018-11-05 09:16:10

වඩුමුන්නේගෙදර - තිළිණි පවිත්‍රා

ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් සංවිධානය කළ 2018 ශ්‍රී ලංකා ජාතික කරාතේ තරගාවලියේදී වයස අවුරුදු 13න් පහළ කාන්තා තානා ඉසව්වේ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාසයට අයත් කිරිමැටියාන බෞද්ධ බාලිකා මහා විද්‍යාලයේ ජේ.පී. ගගනි කාවින්ද්‍යා සේනාධිර සිසුවිය සමත් වූවාය.

විදුහල්පති දුලිකා ප්‍රියදර්ශනී මහත්මියගේ උපදෙස් මත ශ්‍රී ලංකා ජාතික කරාතේ සංගමයේ තරග විනිසුරු ප්‍රධාන උපදේශක හා අධ්‍යක්ෂ කියෝසි පීටර් පෙරේරා මහතා යටතේ ගගනි කාවින්ද්‍යා සිසුවිය පුහුණුව ලබා ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon