සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අන්තර් පළාත් එල්ලේ තරග ප්‍රතිඵල

  👤  1480 readers have read this article !
Published by : MB WEB 2018-11-05 08:51:28

හිඟුරක්ගොඩ - ප්‍රියා

දින තුනක් පුරා පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේ පැවැති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අන්තර් පළාත් 2018 වර්ෂයේ එල්ලේ තරගාවලියේ පිරිමි සහ කාන්තා ශූරතා දෙකම පොළොන්නරුව කොට්ඨාස බළකා මූලස්ථානය හිමිකර ගත් අතර වසර තුනක් පිට පිටම කාන්තා ශූරතාව පොළොන්නරුවට හිමිකර ගැනීමට හැකිවීම විශේෂ සිදුවීමකි.

අවසන් දින ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් නිර්මාල් කොස්වත්ත මහතා සහභාගි විය.

මෙම එල්ලේ තරගාවලිය සඳහා දිවයින පුරා පිහිටි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික්කවල බළකා නියෝජනය කරමින් පිරිමි කණ්ඩායම් 21ක් සහ කාන්තා කණ්ඩායම් 10ක් තරග වැදුණහ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon