බොලිවුඩ් නළු සිද්ධාර්ත් එක්ක නටපු ලංකාවේ එකම නිළිය

  👤  3057 readers have read this article !
Published by : MB WEB 2018-11-06 06:19:42

හිරු ට්ධතඤඥද ජ්ඪතථ ඒඹචපඤ සම්මාන උළෙලෙදී දුෂේනි, සිද්ධාර්ත් එක්ක ඉදිරිපත් කරපු නර්තනය දැන් කාගෙත් කතා බහට ලක්වෙලා


ඔව්. ඇත්තටම ඒ ගැන ගොඩක් සන්තෝෂයි. මම මේ වෙලාවේ හිරු නාළිකාවට ස්තූතිවන්ත වෙනවා මං වගේ අලුත් කෙනෙක්ට අවස්ථාවක් ලබාදීම ගැන.

ඇත්තටම මෙගා ස්ටාර් වැඩසටහනෙන් දැක්ක මගේ දක්‍ෂතා නිසා තමයි මට මේ වගේ අවස්ථාවක් ලැබුණේ. ඒ වගේම මම ශ්‍රී ලංකා රූ රැජන තරගයෙන් ජයග්‍රහණය කරලා ලෝක රූ රැජන තරගයටත් ගියා. මම මිස් ශ්‍රී ලංකා වීම කියන කාරණයත් ඔවුන් පිළිගෙන තිබුණා.

බොලිවුඩ් නළුවෙක් එක්ක මේ සැරේ නර්තන අංගයකට ඉදිරිපත් වෙන්න ලැබුණ එකම රංගන ශිල්පිනිය ඔබ නේද?

ඔව්. බොලිවුඩ් රංගන ශිල්පියෙක් එක්ක ලංකාවේ නිළියක් ලෙස නර්තනයට එකතු වුණේ මම විතරයි. ඒක මගේ වාසනාවක්. සිද්ධාර්ත් මල්හෝත්‍රා කියන්නේ ඉන්දියාවේ රංගන ශිල්පීන්ගෙන් මම කැමැතිම රංගන ශිල්පියා. ඇත්තටම ඒ ලැබිච්ච අවස්ථාව මට පුදුමයක්.

මේ වගේ අවස්ථාවක් ඔබට ලැබෙයි කියලා විශ්වාසයක් තිබුණේ නැද්ද?

ඇත්තටම සිද්ධාර්ත් මේ සැරේ ලංකාවට එනවා කියලා මම දැනගෙන හිටියේ නැහැ. මට කලින් කතා කරලා තිබුණේ වෙන ඇක්ට් එකකට. පස්සේ තමයි කිව්වේ සිද්ධාර්ත් එක්ක නර්තනයට එකතු වෙන්න කියලා. එකපාරටම ඒ අවස්ථාව ලැබෙද්දි මම පුදුම වුණා. ඔහු එක්ක නර්තනයේ යෙදෙන ලංකාවේ එකම රංගන ශිල්පිනිය මම කියලා දැන ගත්තෙත් පස්සෙ.

දුෂේනිට සිද්ධාර්ත් එක්ක පුහුණුවීම් කරන්න කොච්චර කාලයක් ලැබුණද?

සුමිත් විනෝද් තමයි අපේ නර්තන නිර්මාණකරු වුණේ, ඔවුන් එය ඉන්දියාවේදී නිර්මාණය කරලා රිහර්සල් කරලා ඒ වීඩියෝව තමයි අසේකාට එවලා තිබ්බේ. ඉන්දියාවේ නර්තන නිර්මාණකරුවෙක් වුණ අශිස් ලංකාවට ආවා පසුගිය 25 වැනිදා. ඔහුත් එක්ක මම නර්තනයේ පුහුණුවීම කළා. සිද්ධාර්ත් එක්ක පුහුණුවීම් කරන්න ලැබුණේ පැය දෙකක, තුනක වගේ කාලයක්.

සිද්ධාර්ත් එක්ක නර්තනයේ යෙදෙද්දි චකිතයක් දැනුණෙම නැද්ද?

සිද්ධාර්ත් මුලින්ම පුහුණුවීම්වලට එද්දි එයාව දැක්කම මට පිස්සු වගේ. සිද්ධාර්ත්, අශිස්, මම කීප සැරයක් පුහුණුවීම් කළා. ඒ වෙලාවේ මම බය වෙලා හිටියේ. මම තනියෙම හිනාවෙවී බයෙන් ඉද්දි අශිස් මගෙන් ඇහුවා මොකද වෙලා තියෙන්නේ කියලා. හතරවැනි, පස්වැනි වතාවට පුහුණුවීම් කරද්දි ඒ බය නැති වුණා.

දුෂේනි දැන් පෙම්වතියක්නේ. සිද්ධාර්ත් එක්ක දුෂේනි නර්තනයේ යෙදෙනවට පෙම්වතා කැමැති වුණාද?

මුලින් නම් එයා ඒකට කැමැති වුණේ නැහැ. හැබැයි එයා මට හොඳ සහයෝගයක් දෙනවා. සිද්ධාර්ත් මාව උස්සගෙන යයි කියලා එයා හිතුවද දන්නේ නැහැ. හැබැයි මම ආසා නිසා ඒ නර්තනයට මම එකතු වුණා. මේක මට අහම්බෙන් ලැබුණු අවස්ථාවක්.

පෙම්වතා දුෂේනිගේ හැකියාව ගැන සතුටු වෙන්න ඇති?

ඔව්. එයාට සන්තෝෂයි. එයා තමයි මගෙයි සිද්ධාර්ත්ගෙයි නර්තනය වීඩියෝ කරලා තිබ්බෙත්.

බොලිවුඩ් නළු, නිළියො දුෂේනිගේ නර්තනය ගැන පැහැදුණා කියලත් ආරංචියි?

මගේ නර්තන අංගයෙන් පස්සේ සිද්ධාර්ත් එක්ක හිටපු එයාගේ මැනේජර් මාත් එක්ක සුහද වෙලා මාව ජුහි චව්ලා ඉන්න තැනට ගෙනිච්චා. ඒ වෙලාවේ මට ඇයව පෞද්ගලිකව මුණගැහෙන්න පුළුවන් වුණා. ඇය කිව්වා ලංකාවේ අය මේ තරම් දක්‍ෂයි කියලා හිතුවේ නැහැ කියලා. ඇය අපේ ඉදිරිපත් කිරීම් ගැන සතුටු වුණා. මගේ ඉදිරිපත් කිරීම වෙලාවේ අන්තිමට ප්‍රේක්‍ෂකාගාරයේ ඉන්දියන් නළු නිළියන්ගෙන් හිටියේ ගෝවින්දායි, ජුහියි විතරයි. මම කවුද කියලා ගෝවින්දා ඇහුවලු. මගේ නර්තනය ගැන ඔහු සතුටු වුණා කියලා ඒ මැනේජර්ස්ලගෙන් මට දැන ගන්න ලැබුණා.

සිද්ධාර්ත් දුෂේනිගේ නර්තනය ගැන පැහැදුණාද?

සිද්ධාර්ත් ලංකාවට ආපු ගමන් අශිස් සහ මම කරපු නර්තන පුහුණුවීම බලාගෙන ඉඳලා මේ තරම් හොඳට මම නර්තනය කරයි කියලා හිතුවේවත් නැහැ කිව්වා. ඔහු සතුටු වුණා ඒ ගැන. හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ් මාධ්‍ය හමුවෙදිත් ඔහු මාත් සමඟ ඉදිරිපත් කරන නර්තනය ගැන කතා කරලා තිබුණා.

ලංකාවේ සමහර පේජ්වලින් නිළියන්ට මඩ ගහද්දි ජාත්‍යන්තර මට්ටමේ පේජ් දුෂේනිගේ නර්තනයට ලොකු ප්‍රචාරයක් ලබාදුන්නා නේද?

ඔව්. ජාත්‍යන්තර මට්ටමේ විවිධ පේජ්වලින් මම සහ සිද්ධාර්ත් ඉදිරිපත් කරපු නර්තනයේ ඡායාරූප පළ කරලා තිබුණා. මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා කියලා තමයි මාව ඔවුන් හඳුන්වා තිබ්බේ. හිරු සම්මාන උළෙල ජාත්‍යන්තර ප්‍රමිතියකින් තිබුණ සම්මාන උළෙලක්. අපේ හැකියාව ඉන්දියාවට හෙළිවීම ඇත්තටම ගොඩක් වටින අවස්ථාවක්.

දුෂේනි දැන් නර්තනයෙනුත් ජනප්‍රියයිනේ. නර්තනය කියන්නේ දුෂේනි කැමැති විෂයක්ද?

මම පුංචි කාලේ ඉඳන් නටන්න ආසයි. අපේ අම්මා මාව පාසල් යන කාලේ උඩරට නර්තනය හදාරන්න එක්ක ගියාට මම එච්චර ඒකට කැමැති වුණේ නැහැ. මම පාසල් යන කාලේ ස්ටේජ් එකකටවත් නැඟලා නැහැ.

මම දැන් නටන විදිය දැක්කම හැමෝම පුදුම වෙනවා. මම පස්සේ කාලේ උඩරට නර්තනය හැදෑරුවා. හැබැයි මම වැඩිපුරම කැමැති බොලිවුඩ් ඩාන්ස්වලට. හිරු මෙගා ස්ටාර් පළමු නර්තනයෙන් තමයි මුළු රටේම අය මට නටන්න පුළුවන් කියලා දැන ගත්තේ.

රංගන කටයුතු පැත්තෙන් මොකද වෙන්නේ?

රංගන කටයුතු නිසා ගොඩක් කාර්යබහුලයි. මේ දවස්වල ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒකත් මගේ වාසනාවට ලැබිච්ච අවස්ථාවක්.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon