විදේශීය නාට්‍යවලට අභියෝග කරන්න ප්‍රියන්තගෙන් තුරුම්පුවක් ඒකත් ඉන්දියානු කොපියක්ද?

  👤  1797 readers have read this article !
Published by : MB WEB 2018-11-05 07:15:22

• ඔබ සිනමා අධ්‍යක්‍ෂවරයෙක්.

'සකුගේ කතාව' ඔබ ටෙලි නාට්‍ය
අධ්‍යක්‍ෂණයට පිවිසෙන පළමු අවස්ථාව
නේද?

ඔව්, 'සකුගේ කතාව' මගේ පළමු නාට්‍යය අධ්‍යක්‍ෂණය.

• ඇයි ටෙලි නාට්‍යයක්
කරන්න හිතුවේ?

මම චිත්‍රපටයක පෙර නිෂ්පාදන කටයුතු කරන අවධියේ මහේන් පෙරේරා මහතා මගෙත් එක්ක සම්බන්ධ වෙලා හිටියා. ඔහුට ඕන වුණා ලංකාවේ ටෙලි නාට්‍ය කලාවට සිනමාත්මක අත්දැකීමක් ලබා දෙන්න. ඔහු මට කිව්වා නාට්‍යයක් කරමු කියලා.

• ඒ ඉල්ලීම භාර ගන්න
විශේෂ කාරණාවකුත් තියෙන්න
ඇති නේද?

මට ප්‍රශ්නයක් තිබුණා. අපේ රටේ ලස්සන නාට්‍ය හදන අය ඉඳලත් ඇයි පිටරට නාට්‍යවලට මුල්තැන දෙන්නේ කියලා. එතකොට ගොඩක් අය කිව්වේ ඒ පිටරට නාට්‍යවලට ප්‍රේක්‍ෂකයෝ ඉන්නවා වගේම ඒවට ලොකු ඉල්ලුමක් තියෙනවා කියලා. ඒකට තරග කරන්න පුළුවන් නාට්‍ය නැහැලු. එහෙම නාට්‍ය හදනවා නම් අපේ දේශීය නාට්‍ය දානවා කිව්වා.
මහේන් පෙරේරා මට කිව්වා ඒ වගේ නාට්‍යයක් හදලා දෙන්න කියලා. ඊට පස්සේ ලංකාවේ ප්‍රේක්‍ෂකයන්ට හරියන නාට්‍ය අපිටත් හදන්න පුළුවන් කියලා අපි ඒකෙන් පෙන්නමු කිව්වා. ඉතින් ඒ කාරණය උඩ තමයි මම නාට්‍යයක් කළේ. නැත්නම් මම ඇත්තටම හිතන් හිටියේ නාට්‍ය කරන්නෙ නැහැ කියලා.

• ඉල්ලීමක් නොකරන්න, ටෙලි නාට්‍ය
අධ්‍යක්‍ෂණයට ඔබ අත නොගසන්න
තිබ්බා නේද?

ඔව්, ඇත්තටම සමාජයේ කතිකාවක් යනවා 'ඇයි පිටරට නාට්‍ය පෙන්නන්නේ, ලංකාවේ නාට්‍ය නැද්ද' කියලා. ඉතින් මේ කාරණයත් හේතුවක් වුණා. අනෙක මම 'ආදරණීය කතාවක්', 'දේදුනු ආකාසේ' චිත්‍රපට කරන්න යන කාලේ ප්‍රේක්‍ෂකාගාරවලට චිත්‍රපට බලන්න ප්‍රේක්‍ෂකයෝ එන්නෙ නැති පසුබිමක් තිබුණා. 'දේදුනු ආකාසෙ' හැදෙන්නෙත් ලංකාවේ හොලිවුඩ්, බොලිවුඩ්වලට සමාන චිත්‍රපටයක් හැදෙන්න ඕන නිසා. ටෙලි නාට්‍යවලටත් ඇත්තටම ඒ කාරණය තමයි බලපෑවේ.

• සකුගේ කතාවට ලැබෙන ප්‍රතිචාර
කොහොමද?

ඉතාමත් ඉහළයි. රේටින්ග්ස්වලින් බැලුවත් නරඹන ප්‍රේක්‍ෂකයෝ ගණන බැලුවත් මම හිතන්නෙ ඉතාමත් ඉහළ ප්‍රතිචාර තියෙනවා.

• ඔබ මේ නාට්‍යයෙන් තවත් නාට්‍යකට
අභියෝග කරනවාද?

එක නාට්‍යයකට නෙවෙයි. මම අභියෝග කරනවා පිටරට නාට්‍ය ගෙන්වන අයට සහ එම නාට්‍යවලට. මෙහෙමයි අපි ඒ නාට්‍යවලින් තාක්‍ෂණික පැත්ත, ඒවායේ තත්ත්වයන් වගේ ගන්න අවශ්‍ය දේවලුත් තියෙනවා. හැබැයි අපේ අධ්‍යක්‍ෂවරුන්ටත් ඒ වගේ නාට්‍ය කරන්න පුළුවන්.

• සකුගේ කතාව විදේශීය නාට්‍යයක
කොපියක් කියන්නෙ ඇත්තක්ද?

කොහෙත්ම නැහැ. එහෙම කවුරුහරි කියනවා නම් ඒ කතාවත් එක්ක සංසන්දනය කරලා බලන්න. අපි හැදුවේ අපේ කතාවක්.

• අද කාලේ, පුංචි ළමයි ඉන්නව නම්
ඒක, ළමා නාට්‍යයක්. මේකත් එහෙමද?

නැහැ, මේක පුංචි ළමයින්ගෙ නාට්‍යයක් නෙවෙයි. 'සකුගේ කතාව' සකුනි කියන චරිතය වටා දිවෙන නාට්‍යයක්. පොදුවේ ගත්තොත් මේ නාට්‍යයෙන් විවරණය වෙන්නෙ සමාජයේ ඉන්න මිනිසුන්ගේ ජීවිත ගැන. ගම සහ නගරය ගැනත්, සංගීතය කියන කාරණයටත් මුල් තැනක් දෙමින් තමයි මේ නාට්‍ය නිර්මාණය වෙන්නෙ. ඇත්තටම මේක පවුලේ සැමට නරඹන්න පුළුවන් නාට්‍යයක්.

• සමහර නාට්‍යවල
රේටින්ග්ස්
වැඩි වෙනකොට
මාධ්‍යවලින් කියනවා
කොටස් ගණන වැඩි
කරන්න කියලා. ඔබ එවැනි
දේවල් භාර ගන්නවාද?

කොහෙත්ම නැහැ. මේ නාට්‍යය ලියලා ඉවරයි. මම කතාව ගොඩනඟලා ඉවරයි. මම ඉතාම වගකීමෙන් කියන්නෙ කොහොම හරි කොටස් අසූ ගණනකින් මම නාට්‍ය ඉවර කරනවා.

• ඔබ මේ නාට්‍යයෙන්
ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයට
අලුත් මුහුණු ටිකක් හඳුන්වා
දීලා තියෙනවා?

ටීනාගේ පළමු ටෙලි නාට්‍ය මේක. මගෙත් එහෙමයි. තව අලුත් අයවත් මම මේ නාට්‍යයට හඳුන්වා දුන්නා. මේකෙ ඉන්න 'මාලා' චරිතය කරන හර්ෂිකා රත්නායකගෙ පළමු නාට්‍යයත් මේක.

• චරිත තෝරා ගනිද්දී
නිවැරැදිම තෝරා ගැනීමක්
කළා කියලා හිතනවාද?

මේකට මම චරිත තෝරා ගනිද්දී ඉතාමත් පරිස්සමට තෝර ගත්තෙ. මේකෙ ප්‍රසන්නජිත් අබේසූරිය රඟපාන්නෙ අවුරුදු තුනකට පස්සෙ. සියයට සියයක්ම මේ චරිතවලට සුදුසුයි කියලා හිතුණු අයව තමයි තෝර ගත්තෙ. අනිවාර්යයෙන්ම නිවැරැදි තේරීමක් කරලා තියෙනවා. ගොඩක් කල් ඉඳන්ම ඒ ඒ චරිතවලට අවශ්‍ය අය මගේ ඔළුවේ හිටියා.

• ලංකාවේ නාට්‍ය කරලා පවතින්න
අමාරුයි කියනවා. ඒක එහෙමද?

සිනමාවටත් ඔය ප්‍රශ්නෙම තිබුණා. ආදරණීය කතාවක්' චිත්‍රපටය වාර්තා තිබ්බ චිත්‍රපටයක්. 'දේදුනු ආකාසෙ'ත් එහෙමයි. ප්‍රේක්‍ෂකාගාරය හඳුනාගෙන කරන නිර්මාණයක් නම් පවතින්න පුළුවන්.

• දැන් ටෙලි නාට්‍ය
අධ්‍යක්‍ෂණයටත්
එකතු වුණු නිසා ඉදිරියේදී
වැඩි නැඹුරුව
තියෙන්නේ සිනමාවටද?
ටෙලිනාට්‍යවලටද?

සිනමා අධ්‍යක්‍ෂණයට තමයි මගේ වැඩි නැඹුරුව. ටෙලිනාට්‍ය මගේ ආත්ම ප්‍රකාශන මාධ්‍ය නෙවෙයි. සකුගෙ කතාව කියන්නෙ ලංකාවේ ප්‍රේක්‍ෂකයන් පිටරට නාට්‍යවලට තියෙන ආකර්ෂණය අපිට ලබා ගන්න පුළුවන්ද කියලා බලන්න කරපු අත්හදා බැලීමක් විතරයි.

• ඉදිරියේදී තවත් නාට්‍ය අධ්‍යක්‍ෂණයට
ආරාධනා ලැබුණොත් භාර ගන්නවාද?

මට ගොඩක් ආරාධනා ලැබුණා. මම ඒවා භාර ගත්තෙ නැහැ. මහේන් පෙරේරා මහත්මයා සමඟ මම ඉතාමත් හිතවත්. ඔහුට මාවත්, මට ඔහුවත් හොඳින් තේරුම් ගන්න පුළුවන්. ඔහුගේ මේ මිත්‍රශීලී ආරාධනාව නිසා භාර ගත්තා. ඒ වගේම ප්‍රේක්‍ෂකයෝ පිටරට නාට්‍යවලට වහවැටිලා නිසා ඒ අවදානම අපිටත් ගන්න පුළුවන්ද බලන්න තමයි මම මේ නාට්‍ය කළේ.

• අලුත් වැඩ මොනවාද?

මේ නාට්‍යයේ වැඩ ඉවර වෙනකොට නොවැම්බර් අඟ වගේ වෙනවා. ලබන අවුරුද්දේ මුල් කාලෙ වගේ වෙනකොට මගේ නවතම චිත්‍රපටයේ වැඩ ආරම්භ කරනවා.

ලක්‍ෂිකා දිව්‍යාංජලී
වීරකෝන්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon