කියැවීම් අංශයෙන් සමස්ත ලංකා ජය

  👤  1340 readers have read this article !
Published by : MB WEB 2018-11-01 07:13:22

නවතිස්පනේ-ඩී.එම්.ඩී. සිසිර

කියැවීම අංශයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථාන ද්විත්වයක් දිනා ගැනීමට නාවලපිටිය අනුරුද්ධ කුමාර ජාතික පාසලේ නවවැනි ශේ්‍රණියේ එස්.අයි.ජී. උඩුගම්පොළ සිසුවා සමත්ව තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික භාෂා හා මානව ශාස්ත්‍ර ශාඛාවේ සිංහල භාෂා ඒකකය සංවිධාන කළ සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලිය 2018 තරගාවලියේදී සමස්ත ලංකා ප්‍රථම ස්ථාන ද්විත්වය දිනාගැනීමට උඩුගම්පොළ සිසුවා සමත් වූයේ 9 ශේ‍ර්ණියේ කියැවීම් අංශයේ තරගය සඳහා ඉදිරිපත් වෙමිනි.

මෙම සිසුවා නාට්‍ය හා රංග කලාව මෙන්ම සමාජ විද්‍යා තරගාවලීන් හිදීද පළාත් අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමටද සමත්ව සිටී. එමෙන්ම මෙම දරුවා මූලික අධ්‍යාපන ආයතනය මඟින් පවත්වන තරගහිදීද සිංහල සහ ඉංගී්‍රසි මාධ්‍යවලින් ජයග්‍රහණ ලබා ඇත.

නාවලපිටිය අනුරුද්ධ කුමාර ජාතික පාසලේ විදුහල්පතිනි චිත්‍රාංගනී හෙන්නායක මහත්මිය අදහස් දක්වමින් පැවැසුවේ උඩුගම්පොළ සිසුවා විද්‍යාල ඉතිහාසයේ නොමැකෙන මතක සටහනක් තැබූ ඉතා දක්ෂ දරුවෙක් බවයි. එමෙන්ම මෙවන් දරුවන් සමස්ත දිවයිනටම සම්පතක් බවත්
වැඩිදුරටත් ඇය පැවැසුවාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon