පද්‍ය ගායනා සමස්ත ලංකා පළමු තැන මඩුකන්ද ජාතික පාසලේ සංදීප දිසානායකට

  👤  858 readers have read this article !
Published by : MB WEB 2018-10-31 08:45:11

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

වවුනියාව, මඩුකන්ද ජාතික පාසලේ කාවින්ද සංදීප දිසානායක ශිෂ්‍යා පද්‍ය ගායනා තරගවලදී සමස්ත ලංකා තරගයෙන් ප්‍රථම ස්ථානය හා ජාතික මට්ටමේ තරගාවලියෙන් දෙවැනි ස්ථානය දිනාගෙන තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික භාෂා හා මානව ශාස්ත්‍ර ශාඛාවේ සිංහල භාෂා ඒකකය මඟින් 2018 වර්ෂය සඳහා සංවිධානය කළ සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලිය කොළඹ ආනන්ද විද්‍යාලයේදී පැවැති අතර කාවින්ද සංදීප දිසානායක ශිෂ්‍යයා එහිදී මෙම ජයග්‍රහණය ලබා ගෙන ඇත්තේ 9 වැනි ශේ්‍රණිය සඳහා වූ තරගවලට සහභාගි වීමෙනි.

වවුනියාව අම්බලන්ගොඩැල්ලේ පදිංචි මෙම ශිෂ්‍යයා ගායන හැකියාවන් ඉතා ඉහළින් ප්‍රගුණ කොට ඇති ශිෂ්‍යයකු වන අතර ඔහු වවුනියාව මඩුකන්ද ශ්‍රී ධම්මරතන දහම් පාසලේ ශිෂ්‍යයකුද වෙයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon