හිඟුරක්ගොඩ ඩඩ්ලි සේනානායක පිට්ටනියට ගල් - වැලි - ගඩොල් දාලා

  👤  906 readers have read this article !
Published by : MB WEB 2018-10-31 07:37:44

හිඟුරක්ගොඩ - ප්‍රියා

හිඟුරක්ගොඩ ඩඩ්ලි සේනානායක ක්‍රීඩාංගණයට ඒ ආසන්නයේ ඉදිකිරීමක් කරන පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමක් ගොඩනැඟිලි ඉදිකරන අමුද්‍රව්‍ය දැමීම හේතුවෙන් ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම මඩ වගුරක් වී විනාශයට පත්ව ඇතැයි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ප්‍රදේශවාසීහු කියති.

මෙම ක්‍රීඩාංගණය ආසන්නයේ රාජ්‍ය පරිපාලන නිලධාරීන් සඳහා තට්ටු නිවාස සංකීර්ණයක් ඉදි කරමින් පවතින බවත් එම ඉදිකිරීම් කටයුතු සිදු කරන පෞද්ගලික කොන්ත්‍රාත් සමාගම ගල්, වැලි, ගඩොල් දැමීම ස¼දහාත් මාර්ගයක් ලෙස භාවිත කරමින් ක්‍රීඩාංගණය දෙසට ‍ෙදාරටු දෙකක් දමා බර වාහන උපයෝගි කිරීම හේතුවෙන් මේ වන විට එය විනාශයට පත් වෙමින් පවතින බව ප්‍රදේශවාසීහු කියති.

ලක්ෂ ගණනක් වියදම් කළ බාස්කට් බෝල් කෝඩ් එක මැදින් බර වාහන ගමන් කිරීම නිසා මේ වන විට එයද විනාශ වී තිබේ. එළිමහන් ව්‍යායාම කිරීම සඳහා ඉදි කර ඇති ස්ථානය මේ වන විට කුඹුරක් බවට පත්ව ඇති බව ක්‍රීඩකයෝ කියති.

මේ සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.ඩී. උඩවත්ත මහතාගෙන් කළ විමසීමකදී මෙසේ කීය. මෙය හිඟුරක්ගොඩ නගරයට ඇති එකම ක්‍රීඩාංගණය. මෙය විනාශ කරන්න කාටවත් ඉඩ දෙන්න බෑ. මේ වන විට ක්‍රීඩාංගණය ආසන්නයේ රජයේ ගොඩනැඟිල්ලක් ඉදි වෙමින් පවතිනවා. ඒ කොන්ත්‍රාත් සමාගම මගෙන් ඉල්ලා හිටියා ක්‍රීඩාංගණය හරහා මාර්ගයක් ලබා දෙන්න කියලා. මම කිව්වා ඒක කොහෙත්ම කරන්න බෑ කියලා.

මට දැන ගන්න ලැබුණා ඒ අය ක්‍රීඩාපිටියට හානි කරලා කියලා. මම අපේ නිලධාරියකු යවා දැනුම් දෙනවා මේ ක්‍රීඩාංගණයට හානියක් හා අකටයුත්තක් වෙලා තියෙනවා නම් වහාම එය නැවත තිබූ ආකාරයට සකසා දෙන ලෙස. එසේ නොවෙනවා නම් නීත්‍යනුකූලව කටයුතු කරනවා. පොදු දේවල් කාටවත් ඕනි විදියට පාවිච්චි කරන්න බෑ යැයි සභාපතිවරයා කීය.

මේ සම්බන්ධයෙන් එම කොන්ත්‍රාත් සමාගමේ නිලධාරියකු පැවැසුවේ අපි අවසර ඉල්ලලා ප්‍රාදේශීය සභාවට ලිපියක් දැම්මා. නමුත් මේ දක්වා කිසිදු පිළිතුරක් නෑ. ඒනිසා අපි පිට්ටනියේ එක පැත්තක ගොඩනැඟිලි ද්‍රව්‍ය දැම්මා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon