ඇන්ගෙලා මර්කල්: ලොව ප්‍රබලතම කාන්තාව වූ ජර්මන් චාන්සලර්වරිය පසු බසී

  👤  1464 readers have read this article !
Published by : MB WEB 2018-10-30 13:45:40

සිය දේශපාලන පක්ෂය වන ජර්මනියේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ (CDU) සභාපති ධුරය වෙනුවෙන් දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත නිලවරණයට තරග නොකරන බව ජර්මානු චාන්සලර් ඇන්ගෙලා මර්කල් දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ඇයගේ මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇත්තේ, ප්‍රාදේශීය මැතිවරණවලදී එම පක්ෂය දැඩි පරාජයක් ලැබීමෙන් පසුවය. එම පරාජය පාලක සන්ධානයේ ස්ථාවරත්වයට ද බලපා තිබේ.

2000 වසරේ සිට ඇන්ගෙලා මර්කල් ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ සභාපති ධුරය දරන අතර එම පක්ෂයේ වැඩි ම කලක් සභාපති ධුරය දැරූ නායිකාවක ලෙස ඇය සැලකේ.

චාන්සලර්වරිය ලෙස 2005 වසරේ සිට ජර්මනියට නායකත්වය දුන් ඇයට එම ධුරයේ තවදුරටත් රැඳී සිටීමට අවශ්‍ය වී තිබේ.

චාන්සලර් ධුරයේ තවදුරටත් රැඳී සිටීමට ඇය කැමැත්ත පළ කර ඇති බව ජර්මානු මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ වෙතත්, ඇය මීට පෙර පවසා තිබුණේ, පක්ෂ නායකත්වය දරන තාක් තමන් චාන්සලර් ධුරයේ කටයුතු කරන බවය.

2017 සැප්තැම්බර් 24 දින ජර්මනියේ පැවැත්වුන මහ මැතිවරණයෙන් චාන්සලර් ඇන්ගලා මර්කල් සිව්වෙනි වරටත් ජර්මනියේ පාලන බලය හිමිකර ගත්තේය.

Forbes සඟරාවට අනුව ලොව ප්‍රබලතම කාන්තාව වන්නේ, ඇන්ගෙලා මර්කල් ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon