සමස්ත ලංකා පාසල් රග්බි පාපන්දු අනුශූරතාව හාලිඇළ ජාතික පාසලට

  👤  1599 readers have read this article !
Published by : MB WEB 2018-10-30 09:42:02

ඇටම්පිටිය - රත්න වීරසිංහ

මෙවර 2018 සමස්ත ලංකා පාසල් රග්බි පාපන්දු තරගාවලියේ මයිලෝ කුසලාන සත් සාමාජිත වයස අවුරුදු 20න් පහළ බාලිකා අනුශූරතාව දිනා ගැනීමට බ/හාලිඇළ මධ්‍ය මහා විද්‍යාලයීය බාලිකා රග්බි කණ්ඩායම සමත් විය.

සමස්ත ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය සංවිධානය කළ මෙම තරගාවලිය එම සංගමයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර මහතා ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ගාල්ල ඇලෝසියස් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

බ/හාලිඇළ මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති මේජර් අසේල තෙන්නකෝන් මහතාගේ උපදෙස් සහ උෟව පළාත් රග්බි පුහුණුකරු චමින්ද ප්‍රනාන්දු, විද්‍යාලයීය ක්‍රීඩා අංශයේ ලංකා ජයසේකර, ශෂි ප්‍රභා යන මහත්වරුන්ගේ සහ සඳුනි සමරකෝන් මෙනවියගේ මඟ පෙන්වීම මත එම කණ්ඩායමේ ක්‍රීඩිකාවෝ මෙම ජයග්‍රහණය සතු කරගත්හ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon