ඇමෙරිකාවේ යුදෙව් ආගමික මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් එකොළොස් දෙනෙක් මරුට

  👤  737 readers have read this article !
Published by : MB WEB 2018-10-29 13:10:42

ඇමෙරිකාවේ පෙන්සැල්වේනියාහි පිට් ස්බර්ග් නුවර පිහිටි යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට එල්ල කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් එකොළොස් දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත.

පෙන්සැල්වේනියා පළාතේ කුඩා ළදරුවකුට නම් තැබීමේ ආගමික උත්සවයක් වෙනුවෙන් රැස්ව සිටි යුදෙව් ජාතිකයන් පිරිසකට එලෙස වෙඩි තබා ඇත.

මෑතකාලීනව යුදෙව් ජාතිකයන්ට එරෙහිව ඇමෙරිකාව තුළ සිදු කළ දරුණුතම යුදෙව් විරෝධී ප්‍රහාරය මෙය බවද වාර්තා පෙන්වා දෙයි. හතළිස් හය හැවිරිදි රොබට් බවර්ස් නමැති පුද්ගලයකු එම වෙඩි තැබීම සිදු කර ඇති අතර ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු දැඩි යුදෙව් විරෝධියකු ලෙස අනාවරණය කරගෙන ඇත.

සිද්ධියෙන් තවත් හයදෙනකු දැඩි තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බවද වාර්තා පෙන්වා දෙයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon