ශ්‍රී ලංකා-එංගලන්ත 20-20 තරගය හෙට

  👤  594 readers have read this article !
Published by : MB WEB 2018-10-26 14:49:11

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එකම විස්සයි-20 ක්‍රිකට් තරගය හෙට (27දා) රාත්‍රි 7.00ට කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතය.

දෙරට අතර මේ දක්වා පැවැති තරග 8දී කණ්ඩායම් දෙකම තරග 4 බැගින් ජයගෙන ඇති අතර, මේ වනවිට විස්සයි-20 තරග 5ක් මෙහෙයවා ඇති තිසර පෙරේරාට මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත.

මේ අතර ශේ්‍රණිගත ලකුණු 117ක් ලබා විස්සයි-20 ශේ්‍රණිගත කිරීම්හි සිවුවැනි ස්ථානයේ පසුවන එංගලන්ත කණ්ඩායම හෙට පැවැත්වෙන මෙම තරගයෙන් පරාජය වුවහොත් ඔවුන්ට ශේ්‍රණි ලකුණු 4ක් අඩු වී එක් පියවරක් පහළට (පස්වැනි ස්ථානය දක්වා) යන අතර, ශ්‍රී ලංකාව ජයගතහොත් මේ වනවිට ශේ්‍රණි ලකුණු 88 සිට 90 දක්වා වැඩි කර ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව සැලසී තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon