ආබාධිත වුවත් ක්‍රීඩාවෙන් ජීවිතය ජයගත් තුෂාරි ජයසිංහ

  👤  1056 readers have read this article !
Published by : MB WEB 2018-10-26 07:02:16

කොටියාකුඹුර - කුමාරසිංහ ගුණදාස

දෙහිඕවිට ප්‍රාදේශීය කොට්ඨාසයට අයත් දෙල්ඔළුවේ පදිංචි තුෂාරි ජයසිංහ අවුරුදු 30ක් වයසැති ආබාධිත ක්‍රීඩිකාව කවපෙත්ත, යගුළිය, හෙල්ල විසිකිරීම, වොලිබෝල් ආදී තරගවලින් දස්කම් පා ජයගත් ක්‍රීඩිකාවකි. ඇයගේ දෑත්වල ඇඟිලි විකෘතිව පිහිටා ඇති අතර පාදයන්ද යටිපතුල් උඩට පෙරළී ඇඟිලිද විකෘතිව තිබේ.

කෑ/දෙහි/දෙල්ඔළුව විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා අ.පො.ස. සාමාන්‍ය පෙළ සඳහා සුදුසුකම් ලැබීය.

ඇයගේ මව මියගොස් ඇති අතර පියා දෙල්ඔළුවේම කොන්ක්‍රීට් වැඩපොළක් පවත්වාගෙන යන ඇයගේ සහෝදරයා පියාට සහාය වෙයි.

ඇය කුඩා කල සිටම අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩාවටද දස්කම් පා මේ වන විට සහතික, පලක පදක්කම් රැසක් දිනාගෙන ඇත. සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් ආබාධිතයන් වෙනුවෙන් පැවැත්වූ සමස්ත ලංකා 2016-2017-2018 ක්‍රීඩා තරගවලට සහභාගි වී යගුළිය, කවපෙත්ත, හෙල්ල, විසිකිරීමේ දස්කම් පා රන් පදක්කම් ඇය ජයග්‍රහණය කර ඇත.

2017 ඉන්දියාවේ පැවැත්වූ ආබාධිත ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වොලිබෝල් තරගයෙන් ප්‍රථම ස්ථානයේ රන් පදක්කම අප රටට ලබාදීමට සමත් විය.
ඇය ග්‍රාම සේවා නිලධාරි වසමේ තරග හා සබරගමුව පළාත් ක්‍රීඩා තරගවලට ආබාධිත නොවන ක්‍රීඩිකාවන් සමඟ තරග කර ශූරතා රැසක් හිමිකර ගැනීම විශේෂත්වයකි.

2018 වර්ෂයේ ආසියානු පැරා ක්‍රීඩා උළෙලට ඇය සමඟ 35 දෙනකුගේ කණ්ඩායමක් සහභාගි වූ අතර එහිදී ඇයට ලැබුණු රෝද පුටුවේ තාක්ෂණික ක්‍රියාකාරිත්වය හකුළා ගැනීම ක්‍රමවේදය නිසා තරගයෙන් පසුබෑමට වුවද මෙවැනි තත්ත්වයකට මුහුණ පෑමට ඉදිරියේදී තම පුහුණුකරු වන ප්‍රදීප් නිශාන්ත මහතාගේ උපදෙස් ලබා ගන්නා බව පවසා සිටියාය.

ඇය දැනට අවිස්සාවේල්ල සීතාවක ආයෝජන කලාපයේ සේවය කරයි. මෙහිදී පවත්වන ක්‍රීඩා උළෙලවලදී ආබාධිත නොවූවන් සමඟ ක්‍රීඩාවේ යෙදී දාම් ඇදීම, කැරම් ගැසීම ආදියෙන් ජය ලබා රන් පදක්කම් හිමිකරගෙන ඇත.

ඇයගේ ක්‍රීඩා ගමනේදී ඇය සේවය කරන ආයතනය භාර විදේශික සර්ච් මහතා කළමනාකාර සමන් විජේසූරිය හා බෙනරගම මහතා ඇයගේ ක්‍රීඩාවේ ඉදිරි ගමනට සහාය දක්වන බව සහෝදර සේවක සේවිකාවන්ගේ ලැබෙන නොමසුරු සහාය අගය කරන බවද පැවැසුවාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon