සමස්ත ලංකා යගුළිය දැමීමේ ශූරතාව කල්තොට රෝහණ විදුහලේ ඉඳුවර රත්නසිරි සිසුවාට

  👤  2106 readers have read this article !
Published by : MB WEB 2018-10-25 09:36:28

බෙලිහුල්ඔය - සමන්තා රත්නායක

බළන්ගොඩ කල්තොට ගොවි ජනපදයේ පිහිටි දුෂ්කර පාසලක් වන කල්තොට රෝහණ විද්‍යාලයේ ටී.ඩී.එස්. ඉඳුවර සිසුවා සමස්ත ලංකා ජයග්‍රහණයක් ලබා ඇත. 8 වැනි ශේ‍ර්ණියේ ඉගෙනුම ලබන ඉඳුවර රත්නසිරි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ 14න් පහළ බාලක යගුළිය දැමීමේ තරගයෙන් ප්‍රථම ස්ථානය ලබා ඇත. මෙම තරගාවලිය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති අතර සිසුවා පිළිගනිමින් විදුහල්පති ඩී.පී.එම්. සනත් ධර්මරාජ මහතා කැඳවාගෙන පැමිණනි.

මෙම ජය පිළිබඳව විදුහල්පතිවරයා අදහස් දක්වමින් පැවැසුවේ සිසුවාගේ ජයග්‍රහණය වසර 79ක පාසල් ඉතිහාසයේ අමරණීය සටහනක් ලෙස පවතින බවයි. පාසලට පමණක් නොව කල්තොට ප්‍රදේශයේ පාසල් අතරින් ප්‍රථම වරට මෙවැනි සමස්ත ලංකා ජයක් ලබා තියෙන්නේ. ප්‍රදේශයටම සුවිශේෂී අවස්ථාවක්.

පාසලට ක්‍රීඩා ගුරුවරයෙක්, උපකරණ මෙන්ම ක්‍රීඩා පිටියක්වත් නොමැතිව අඩුපාඩුකම් මැද ලැබූ ජයක්. අවශ්‍ය පහසුකම් ලබා දෙනවා නම් ගමේ දරුවන්ගේ දක්ෂතා දැක්විය හැකියි" යනුවෙන් පැවැසීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon