සාගරය හරහා ඉදිකළ ලොව දිගම පාලම චීනයේදී විවෘත වෙයි

  👤  1283 readers have read this article !
Published by : MB WEB 2018-10-24 12:28:19

සාගරය හරහා ඉදිකරන ලද ලොව දිගම පාලම චීනය විසින් ඉදිකර ඊයේ දින ජනතාවට විවෘත කිරීමට කටයුතු කර ඇත. චීනයේ ෂුනායි නගරයේදී ආරම්භක උත්සවය පවත්වා ඇත.

චීනයේ මැකාවි නගරයේ සිට හොංකොං දක්වා ඉදිකර ඇති පාලම කිලෝමීටර් පනස් පහක දිගකින් යුක්ත වෙයි. ඒ සඳහා වානේ ටොන් ලක්ෂ හතරක් යොදාගෙන ඇත.
වසර 2009දී ආරම්භ කරන ලද පාලමෙහි ඉදිකිරීම් වසර 2016දී අවසන් කිරීමට නියමිතව තිබි ඇති අතර අපහසුතාවන් කිහිපයක් ජය ගැනීමට සිදුවීම හේතුවෙන් එම කාලය තුළදී නිම කිරීමට නොහැකිවී ඇතැයි වාර්තා පෙන්වා දෙයි.

පාලම ඉදිකිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන විස්සක මුදලක් වැය වූ බව චීනය පෙන්වා දෙයි.

චීනයේ වැදගත් කාර්මික ප්‍රදේශයක් වන පර්ල් ගංගා ප්‍රදේශයේ ඉදිකරන ලද කෘත්‍රිම දූපත් දෙකක් යා කරමින් දිවෙන පාලම එම දූපත් අතරදී හරහා ගමන් කරන විට මුහුද යටින් උමං මාර්ගයක් හරහා ගමන් කරයි. උමං ප්‍රදේශයේදී නෞකා ගමනාගමනයට ඉඩ සැලසීමට එසේ නිර්මාණය කර ඇත.

මෙම මාර්ගය විවෘත කිරීමත් සමඟ මැකාවි සිට හොංකොං දක්වා ගමන් කිරීමට ගතවූ පැය තුනයි විනාඩි තිහක පමණ වූ කාලය විනාඩි තිහ දක්වා අඩුවන බව වාර්තා පෙන්වා දෙයි.

මෙම මාර්ගයේ ගමන් කරන රියැදුරන් චීනයේ මාර්ග නීති රෙගුලාසිවලට යටත්ව ගමන් කළ යුතුවෙයි.

පාලම විවෘත කිරීම සඳහා චීන ජනාධිපති ෂි ජින් පින්ග් සහ හොංකොං නායිකා කෙරී ලැටී සහභාගීි විය. මෙම පාලම විවෘත කිරීමත් සමඟ ආර්ථික සහ දේශපාලනික වශයෙන් සබඳතා තවත් පුළුල් වනු ඇතැයි චීනය පෙන්වා දෙයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon