ස්මාට් ජංගම දුරකතනයේ සහයට ජපානයෙනුත් ජංගම දුරකතන 'පොඩ්ඩෙක්'

  👤  1559 readers have read this article !
Published by : MB WEB 2018-10-23 15:40:42

ජපානයේ විශාලතම සන්නිවේදන සමාගම වූ NTT Docomo මගින් මිලිමීටර් 5.3 ක් පමණ කුඩා 4G වර්ගයේ දුරකතනයක් හඳුන්වා දී තිබේ.

බැංකු කාඩ්පත් රඳවනයක් වැනි කුඩා පසුම්බියක තබා ගත හැකි අයුරින් නිර්මාණය කර ඇති මෙම සංයුක්ත මෙවලම නොවැම්බර් මාසයේදී ජපාන වෙළෙඳපොළට නිකුත් කරනු ඇත.

එය විශාල ස්මාර්ට් ජංගම දුරකතන හිමි තැනැත්තන් මෑතක සිට සහයක දුරකතනයක් භාවිතය සඳහා දක්වන නැඹුරුවේ කොටසකි.

ඔක්තෝබර් මාසයේදී ස්මාර්ට් ජංගම දුරකතනයකට "සහයක දුරකතනයක්" ලෙස android තාක්ෂණය ඇතුළත් කළ ඉතා කුඩා ස්මාර්ට් ජංගම දුරකතනයක් එක්සත් ජනපදයේදී ද එළි දැක්විණි. එය 'පාම්' (Palm) නමැති සන්නාම නාමය ඔස්සේ වෙළෙඳපොළට නිකුත් කර තිබේ.

කැමරා දෙකකින් යුක්ත එය ද විශාලත්වයෙන් බැංකු කාඩ්පතකට සමාන ය.

කියවන්න: 'පාම්' ස්මාර්ට් දුරකතනය වෙළඳපොළට

ජපානය හඳුන්වා දෙන සහයක දුරකතනය ග්‍රෑම් 47 ක් බරින් යුක්ත අතර e-book තාක්ෂණයට සමාන, ස්පර්ශයට සංවේදී මුහුණතකින් (touchscreen) යුක්ත වේ.

මෙම සහයක දුරකතනය ඇමතුම්, කෙටි පණිවුඩ පහසුකම් සහ ඉන්ටර්නෙට් සබඳතා සහිත වන නමුත් කැමරාවක් හෝ ජංගම දුරකතන යෙදවුම් (apps) සමග කටයුතු කිරීමේ පහසුකම් නොමැත.

NTT Docomo සමාගම මෙම "සරල, රැගෙන යාමට පහසු" කාඩ් දුරකතනය හඳුන්වන්නේ, දැනට විශාල ප්‍රමාණයේ ස්මාර්ට් දුරකතන හිමි පුද්ගලයන්ට ප්‍රයෝජනවත් අතිරේක මෙවලමක් ලෙස ය.

NTT Docomo සමාගමට අනුව "ලොව සිහින්ම" ජංගම දුරකතනය මෙය වුවත් අනෙක් නිෂ්පාදකයන් ඊට එකඟ නොවනු ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon