කේරළ ගංජා කිලෝග්‍රෑම් 151 ක් සමඟ 2ක් අත්අඩංගුවට

  👤  1391 readers have read this article !
Published by : MB WEB 2018-10-23 11:08:22

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට සහ වෙරළබඩ මුර යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයන් මෙන්ම විශේෂ යාත්‍රා බලඝණයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (ඔක්තෝබර් 22) සිදු කළ මුර සංචාරයක් අතරතුරදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 151.7 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

ඒ අනුව, නාවිකයින් විසින් මාදගල් ප්‍රදේශයට නාවික සැතපුම් 02 ක් දුරින් වූ මුහුදු ප්‍රදේශයේදී මෙම කේරළ ගංජා තොගය සමඟ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම ගංජා තොගය කුඩා යාත්‍රාවක් මඟින් ඉන්දීයාවේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ඒමට උත්සාහ දරා ඇති බවට සැක පළ කෙරේ.

මෙම පුද්ගලයින් යාපනය, මාදගල් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 සහ 29 වන වියේ පසුවන පුද්ගලයින් වන අතර, අත්අඩංගුවට ගන්නා ලද කේරළ ගංජා තොගය, පුද්ගලයන් සහ කුඩා යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරේයි, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon