සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලියේ ජාතික සමස්ත ලංකා රන් පදක්කම් කලවාන ජාතික පාසලේ චාමිකරට

  👤  1429 readers have read this article !
Published by : MB WEB 2018-10-23 09:12:45

කලවාන - සේන ජයකොඩි

අධ්‍යාපන අමාත්‍යාංශය වාර්ෂිකව සංවිධාන කරන සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලියේදී ප්‍රථම ස්ථානය දිනා සමස්ත ලංකා රන් පදක්කම් දෙකම හිමි කරගැනීමට කලවාන ජාතික පාසලේ ඕ.වී. සිතුම් විහඟ චාමිකර ශිෂ්‍යයා සමත්ව තිබේ.

දැනට 7 වසර අධ්‍යාපනය ලබන චාමිකර ශිෂ්‍යයා මීට පෙරද විවිධ අංශයන්හි සමත්කම් දක්වා පළාත් හා සමස්ත ලංකා ජයග්‍රහණය දිනාගෙන ඇත.

චාමිකර ශිෂ්‍යයා කලවාන පිඹුර ගමේ පදිංචි රවින්ද්‍ර දේශප්‍රිය විතානගේ හා තනූෂා දමයන්ති යුවළගේ පුත්‍රයාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon