රන් බඩු සොරා ගත් ෆුල් ෆේස් හෙල්මට් හොරා පොලිස් දැලේ

  👤  1553 readers have read this article !
Published by : MB WEB 2018-10-23 07:40:14

හුංගම - ඩබ්.කේ. ටෙනිසන්

හුංගම, අඟුණුකොළපැලැස්ස, කටුවාන, මිද්දෙණිය, සූරියවැව යන ප්‍රදේශවල නිවෙස්වලට ඇතුළු වී නිවෙස්වල සිටින පුද්ගලයන් බියගන්වා රන් ආභරණ සොරාගත් පුද්ගලයකු හුංගම පොලිසිය විසින් සොරාගත් රන් භාණ්ඩ සමඟ පසුගියදා අත්අඩංගුවට ගෙන ඇත. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු පූර්ණ ආවරණ සහිත ආරක්ෂක හිස් වැස්මක් පැලඳ පසුගියදා රන්න ප්‍රදේශයේදී කාන්තාවකගේ මාලයක් කඩාගෙන ඇත. ඒ අනුව පරීක්‍ෂණ පැවැත්වූ හුංගම පොලිසිය රන්න ප්‍රදේශයේදී මෙම සැකකරු රුපියල් ලක්‍ෂ 3ක රන් ආභරණ සමඟින් අත්අඩංගුවට ගෙන ඇත.

වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී මෙම පුද්ගලයා සතු අංක තහඩු රහිත යතුරුපැදියක් සොයාගෙන ඇත. මොහු අම්බලන්තොට එක්කස්ස ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය පවසයි. සොරාගත් මාල 4ක් සහ මුදු 2ක් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

හුංගම පොලිස් ස්ථානාධිපති එච්.බී.සී. ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත පො.සැ. වනිගාබදු (23248), පො.කො. වික්‍රමනායක (6566), පො.කො. සුදාරක (70372), පො.කො. නිරෝෂන් (45048), සී.අ.බ. අමිල (11049), පො.කො.රි. අජිත් (89945) යන නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon