ජන පීඩක ආණ්ඩුවට එරෙහිව ජවිපෙ හෙට කොළඹට

  👤  974 readers have read this article !
Published by : MB WEB 2018-10-22 16:02:57

අනුරාධා හේරත්

ජන පීඩක ආණ්ඩුවට එරෙහිව රාජ්‍ය හා පෞද්ගලික අංශ වතු ඇතුළු සියලු බලවේග රොද බඳින ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන මහජන විරෝධතා උද්ඝෝෂණය හෙට (23දා) කොළඹදී පැවැත්වේ.

පස්වරු 3.00ට බොරැල්ලෙන් ආරම්භ වන ආණ්ඩු විරෝධී මෙම පා ගමන පස්වරු 4.00 වනවිට කොටුව දුම්රියපොළ අසලට ළඟා වීමට නියමිතය.

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවැසුවේ මෙම උද්ඝෝෂණය මුළුමනින්ම ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් බවත් හෙට (23දා) ආරම්භ කරන මෙම ජනතා විරෝධය එතැනින් නොනවත්වන අතර මෙය එහි පළමු පියවර බවත්ය.

වත්මන් ආණ්ඩුවේ බඩු මිල ඉහළ දැමීම, දඩ වැඩි කිරීම, අධික බදු බර හා ආණ්ඩුවේ වංචාවට, දූෂණයට හා නාස්තියට එරෙහිව ප්‍රබල හඬක් නඟන අතර ගොවි, ධීවර, ශිෂ්‍ය, වතු, සෞඛ්‍ය, අධ්‍යාපන, විදුලි ඇතුළුව සියලු වෘත්තීය සමිති ඊට සහාය පළ කිරීමට එකඟ වී ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon