අඹුවන්ගල වැව කැලෑ වැදිලා

  👤  1467 readers have read this article !
Published by : MB WEB 2018-10-22 09:02:34

රඹුක්කන - සරත් උඩගම

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන වැය කරමින් 2016 වර්ෂයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරමින් ඉකුත් වර්ෂයේ ගොවීන් අතට පත්කෙරුණු රඹුක්කන මැතිවරණ කොට්ඨාසයේ අඹුවන්ගල වැව නිසි නඩත්තුවක් නොකිරීම නිසා ගන කැලෑවක් බවට පත්ව තිබෙන අයුරු එහි ගිය අප වෙත දක්නට ලැබිණි.

පුරන් කුඹුරු යළි අස්වැද්දීමේ ජාතික වැඩසටහනට සමගාමීව 2016 වර්ෂයේ අගෝස්තු මස 10 වැනිදා කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සන්දිත් සමරසිංහ මහතාගේ සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රි දිල්රුක් ශ්‍රී ලාල් මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් මුල්ගල තබා ආරම්භ කෙරුණු අඹුවන්ගල වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු 2017 වර්ෂයේ ජනවාරි 15 වැනිදා වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පදවි ප්‍රාප්තියෙන් දෙවර්ෂ පූර්ණය සමරමින් පාර්ලිමේන්තු මන්ත්‍රි සන්දිත් සමරසිංහ මමතාගේ සහභාගිත්වයෙන් ජනතා අයිතියට පත්ව තිබේ.

මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු අඹුවන්වල ගොවි සංවිධානය මඟිින් කර ඇති අතර විවෘත කර වසරකට ආසන්න කාලයක් ගතව තිබේ. වැවේ සංවර්ධන කටයුතු ආරම්භ කළ බවට වැව ආසන්නයේ ප්‍රදර්ශනය කර ඇති නාම පුවරුව වැවට කඩා වැටී තිබෙන අතර වැවේ වේල්ල මෙන්ම වැව අවට භූමිය කැලෑවට ගොස් තිබෙන අයුරු දැක ගැනීමට ලැබිණි. පවතින වර්ෂාවත් සමඟ වැවේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙන අතර ඉදිරියේදී ඇති වන නියඟයකදී මෙහි ජලය ප්‍රයෝජනයට ගත හැකි වන ලෙස වැව ආරක්ෂා කිරීම අඹුවන්වල ගොවි සංවිධානයේ යුතුකමයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon