කවුරුවත් මගේ ප්‍රතිරූපයට හානි කරනවට කැමැති නැහැ

  👤  2676 readers have read this article !
Published by : MB WEB 2018-10-27 08:27:41

ෂෙහානිගේ නැටිලි ඉවර වුණානේ. ප්‍රතිඵලය ගැන සතුටුද?

ඔව්. ලැබුණු ප්‍රතිඵලය හොඳයි. හිරු මෙගා ස්ටාර් වේදිකාව මගේ දක්‍ෂතාව පෙන්වන්න හොඳ වේදිකාවක් වුණා. මගේ දක්‍ෂතාව ප්‍රේක්‍ෂකයෝ දැක්කා. ඒ ඇති.

හැබැයි ෂෙහානිටයි නුවන්ටයි ජයග්‍රහණයට ළංවෙන්න බැරි වුණානේ. ඒ ගැන දුකක් නැද්ද?

කොහෙත්ම දුකක් නැහැ. වෙනත් රියැලිටිවල නැති ලොකු අවස්ථාවක් අපිට ගන්න පුළුවන් වුණා. ජයග්‍රහණය කළේ නැති වුණාට අපි ලොකු මුදලක් හම්බ කළා. ඒ වගේම ඒ වේදිකාවේදී අපිට ගොඩක් අලුත් දේවල් ප්‍රේක්‍ෂකයෝ අතරට ගේන්න පුළුවන් වුණා. අපේ හැකියාව වර්ධනය කරගන්නත් හැකියාව ලැබුණා.

ආයෙත් මේ වගේ රියැලිටි වේදිකාවක වැඩ පෙන්වන්න ලැබුණොත් යනවාද?

නැහැ, ආයෙත් රියැලිටි තරගවලට යන්නේ නෑ.

ඇයි ඒ?

මම එක රියැලිටි වැඩසටහනකට පෙනී ඉඳලා මගේ දක්‍ෂතා පෙන්නුවා. ආයේ ආයෙත් එකම දේ කරලා මිනිස්සුන්ට මාව එපා කරවන්න ඕනේ නෑ. මට වැඩ තියෙනවා. නමුත් එන හැමදේම කරන්න ඕන නැහැ. සමහරු දන්නේ නෑ තමන්ව ථචඪදබචඪද කරන්න. හොයන්නෙ බලන්නේ නැතුව ඕන දේකට යනවා. නමුත් මම එහෙම නැහැ. මගේ හැකියාව මම ප්‍රේක්‍ෂකයන්ට පෙන්නුවා.

ෂෙහානි තමන්ගේ රූපයද හැකියාවද ථචඪදබචඪද කරන්නේ?

මම රූපයයි හැකියාවයි දෙකම ථචඪදබචඪද කරනවා. දෙවියෝ මට හැමදේම දීලා තියෙනවා. ඒවා හරි විදියට පවත්වාගෙන යන්න අපි මහන්සි වෙන්න ඕන. මේ ක්‍ෂේත්‍රයට එන්න අවස්ථාව නැතුව බොහෝ අය ඉන්නවා. මට ලොකු අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ දේවල් නැති කරගන්න මම කැමැති නැහැ. කතා කරන හැමදේටම නොයා මම මගේ තත්ත්වය ආරක්‍ෂා කර ගන්නවා.

ෂෙහානි ගණන් උස්සනවාද?

මෙහෙමයි, මගේ දක්‍ෂතාව අනෙක් අයට නැති වෙන්න පුළුවන්. මම මාව විකුණා ගන්නවා නෙවෙයි. නමුත් මේක මගේ රැකියාව. ඉතිං හැකියාවට අපි වටිනාකම ලබාගන්න ඕන.

ෂෙහානි අනෙක් රංගන ශිල්පිණියන් වගේ විශේෂ තැන්වල වැඩිපුර පේන්න නැත්තේ ඇයි?

මම සාමාන්‍යයෙන් වැඩිපුර එළියට බහින්න කැමැති කෙනෙක් නෙවෙයි. මම තැනකට ගියත් 'ඔන්න මම ආවා' කියලා පෙනී ඉඳලා එනවා. ඒ තැන්වල පැය ගණන් ඉඳගෙන කතා හදාගෙන දඟලගෙන ප්‍රතිරූපය නැති කරගන්න කෙනෙක් නෙවෙයි මම.

ඒ කියන්නේ ෂෙහානි ගොසිප්වලින් ගැලවෙන්නද ඒ තරම් පරිස්සම් වෙන්නේ.?

ගොසිප් නිසාම නෙවෙයි. මම මගේ ප්‍රතිරූපයට ආදරෙයි. ඒකට හානියක් කරගන්න මම කැමැති නැහැ. මගේ ප්‍රතිරූපයට කවුරුවත් හානි කරනවාටවත් මම කැමැති නැහැ.

අලුත් වැඩවලට ආරාධනා ලැබුණාද?

එක නාට්‍යයක් සාකච්ඡා මට්ටමේ තියෙනවා. මම වැඩ ගොඩක හිරවෙන්න කැමැති නැහැ. නිදහසේ නිර්මාණවලට සම්බන්ධ වෙනවා. මෙගා ස්ටාර් නිසා මෑතක් වෙනකල් අලුත් වැඩ භාරගත්තේ නැහැ.

ෂෙහානිට වැඩ ගොඩක් ලැබෙනවා කිව්වට සිනමාවේ නම් තාමත් ෂෙහානිව දකින්න ලැබුණේ නැහැ?

සිනමා නිර්මාණයකට ආරාධනාවක් ලැබුණා. ඒක මගේ පළමුවැනි නිර්මාණය නිසා ඒ ගැන සලකා බලන්න ඕන. ගැළපෙන දෙයක් නම් තමයි මම ඒකත් භාරගන්නේ.

ගොඩක් අය නැති අවස්ථා ගන්න විවිධ ක්‍රම අනුගමනය කරනවා. සිනමාවෙන් මූණ පෙන්නගන්න ෂෙහානි ඒ වගේ ක්‍රම පාවිච්චි කරන්නේ නැද්ද?

මම කිසිදෙයක් බලෙන් ඉල්ලගෙන යන්නේ නැහැ. මගේ වාසනාවට හෝ මගේ දක්‍ෂතාව දැකලා හරි කෙනෙක් මාව නිර්මාණයකට ගත්තොත් මිසක් හැඳුනුම්කම්වලින් බලෙන් හොයාගෙන ගිහින් මම අවස්ථා ගන්නේ නෑ.


පසුගිය දවස්වල ෂෙහානි ලන්ඩන් ගියේ විශේෂ දේකට නේද?

ඔව්, ඹ්භය එකේ ඪදඵබචඨපචථ ඪදටතභඥදජඥප විදියට මාව තෝරාගත්තා. ලන්ඩන්වල දවස් හතරක වැඩමුළුවක් තිබ්බා. ටචජඥඡධධඬ ආයතනයට ඪදඵබචඨපචථ ආයතනයට අපිට යන්න ලැබුණා. ඒ අවස්ථාව ලැබුණේ රටවල් දහතුනකට පමණයි. ඒකට ලංකාවෙන් ගිය එකම කෙල්ල මම. අපිට ඒ වැඩමුළුවෙන් බොහෝ දේවල් ඉගෙන ගන්න ලැබුණා.

ෂෙහානි දැන් ජීවිතයට විශේෂ කෙනෙකුත් තෝරාගන ඇති?

නෑ, නෑ, තාම එහෙම කෙනෙක් තෝරාගෙන නැහැ.

නිළියක් නිසා ආදර යෝජනා නම් අඩු නැතුව ඇති?

ඇත්තටම මට ඒ වගේ කරදර නැහැ. මම වැඩිය එළියට බහින්නේ නැති නිසා මට පිරිමි ළමයි ආශ්‍රය කරන්න ලැබෙන්නේ අඩුවෙන්. මම රෑට පාටි ගිහින් කට්ටිය හම්බවෙන කෙනෙකුත් නෙවෙයි. ඒ නිසා මට වධ දීගෙන එන කොල්ලෝ නැහැ.

ෂෙහානිට යාළුවෝ අඩුයි කියන්නේ ඇත්තද?

ඔව්, මට විශේෂ යාළුවෙක්වත් නෑ. මට ඉන්නේ මගේ අම්මා. මට තනියෙන් ඉඳලා හුරුයි. යාළුවො ජීවිතයට ඕන. එයාලා වුණත් අපේ ජීවිතවල ඉන්නේ එක අවස්ථාවක විතරයි. මම හරිම සංවේදියි. මාත් එක්ක ඉන්න අය මම කියන හැමදේම අහගෙන ඉන්න ඕන. මම යාළුවෝ වුණත් අශ්‍රය කරන්නේ අතේ දුරින්. ඒක හොඳයි.

ෂෙහානිගේ ජීවිතයට විශේෂ කෙනෙක් හොයාගන්න කියලා අම්මා බල කරන්නේ නැද්ද?

අම්මෝ... අම්මා මට වධ දෙනවා. දැන් කෙනෙක් හොයාගන්න කියලා. තාම මට අවුරුදු 23යි. දැන් කෙනෙක්ව හොයාගෙන අවුරුදු 25දී බඳින්න කියලා තමයි කියන්නේ. ඒත් මට හිතෙනවා මෙහෙම අම්මාත් එක්ක දුක සැප බෙදාගෙන ඉන්න එක හොඳයි කියලා.

තනිකඩව ඉන්නද අදහස?

සමහර විට මම තනිකඩව ඉඳියි. ඒත් කියන්න බෑ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon