ගමට යන්න පාරක් නෑ

  👤  1369 readers have read this article !
Published by : MB WEB 2018-10-19 10:33:32

මීගහකිවුල - රුවන් කුමාර

මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තල්දෙන ලිහිණියාකැටිය ගම්මාන වෙත යෑමට නිසි මාර්ගයක් නොමැතිකමින් එම ගම්වාසීහු දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිති.

මෙම ගම්මානය වෙත යෑම සඳහා ගල්ගේලන්ද මාර්ගයේ සිට මාර්ගයේ කිලෝමීටර් භාගයක් පමණ දුරට ගුරු පාරක් කපා ඇති අතර තවත් කිලෝමීටරයක් පමණ දුරක් යෑමට සිදුව ඇත්තේ තල්දෙන ඇළ බැම්ම මතින් දිවෙන අඩිපාරක් බඳු අබලන් මාර්ගයේ ගමන් කිරීමෙනි.

ප්‍රධාන මාර්ගයේ සිට ඉදිකළ ගුරු පාරද කැලෑවට යට වී සෝදාපාළුවට ලක්වී දැඩි සේ අබලන්ව ඇති අතර කිසිසේත් එහි වාහනයක් ගමන් කළ නොහැකි බවද මෙම ගම්මු පවසති.

එසේම ඇළ බැම්ම මතින් වැටී ඇති පටු අඩි පාරද බෙහෙවින්ම අබලන්ව ඇති අතර ඇතැම් ස්ථානවල ඇති මරු වළවල් නිසා ඒ මතින් එහා මෙහා යන ගම්වාසීහු විවිධ අනතුරුවලට ලක්වෙතැයිද ජනතාව පවසති.

විශේෂයෙන්ම ඇළේ ආධාරක පටු බැමි මතින් දිවෙන මාර්ගයේ බඩුමුට්ටු හිස තබාගෙන ගමන් ගත් ගම්වාසීන් විශාල පිරිසක් එම බඩු මලුත් සමඟ ඇළට වැටී තුවාල සිදුකර ගෙන ඇතැයිද ලිහිණියාකැටියේ ගම්මු පවසති.

ගම්මු මාර්ගයක් නොමැතිව තමුන් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් සොයා බලා හැකි විගස ඊට විසඳුමක් ලබා දෙන්නැයි ලිහිණියාකැටියේ ගම්මු රජයෙන් ඉල්ලති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon