ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ලක් මව රනින් බැබලූ යුද හමුදා සෙබළ චරිත නිර්මල

  👤  1392 readers have read this article !
Published by : MB WEB 2018-10-19 11:33:14

ඕමන්ත - ශේෂලා අමරසිංහ

2018 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ලක් මව වෙනුවෙන් රන් පදක්කමක් හා ලෝකඩ පදක්කමක් දිනා දුන් යුද හමුදා කොමාන්ඩෝ බළකායේ කෝප්‍ර්ල් චරිත නිර්මල බුද්ධික ඉන්ද්‍රපාල පිළිගැනීමේ වැඩසටහනක් 17 වැනි දින වවුනියාව නරගයේදී පැවැත්විණි.

වවුනියාව නැවත පදිංචි ගම්මානයක් වන බෝගස්වැව ගම්මානයේ වර්තමානයේ පදිංචිව සිටින චරිත නිර්මල බුද්ධික ඉන්ද්‍රපාල ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ලක් මව රන් පදක්කමකින් හා ලෝකඩ පදක්කමකින් සැරසීය.
පිළිගැනීමේ වැඩසටහනට එක් වූ චරිත ක්‍රීඩකයා පැවැසුවේ,
මෙවර ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වුණු 2018 පැරා ආසියානු තරගාවලියේ මලල ක්‍රීඩා ඉසව් තුනකට තමන් සහභාගි වූවා. මගේ රට වෙනුවෙන් දුර පැනීම ඉසව්වෙන් රන් පදක්කමත්, මීටර් 200 දීවීමේ තරගයෙන් ලෝකඩ පදක්කමත්, උස පැනීමේ ඉසව්වෙන් පස් වැනි ස්ථානයත් ලබාගෙන සිංහ ධජය ජකර්තා අහසේ ලෙළවන්නට හැකි වූවා.

වවුනියාව නගරයේ සිට චරිත ජීවත් වන බෝගස්වැව ගම්මානය දක්වා රිය පෙරහරක් පවත්වා චරිත වෙනුවෙන් පිළිගැනීමේ උත්සවයක් බෝගස්වැව විද්‍යාලයේදී සංවිධානය කොට තිබිණි.

උතුරු පළාත් සභා මන්ත්‍රි ධර්මපාල සෙනවිරත්න මහතා, වවුනියාව දකුණ ප්‍රාදේශීය සභා මන්ත්‍රි වසන්ත රාජකරුණා මහතා, වවුනියාව උතුරු ප්‍රාදේශීය සභා මන්ත්‍රි බිමල් ධර්මදාස මහතා හා ප්‍රදේශයේ තරුණයන් පිළිගැනීමේ වැඩසටහන සංවිධානය කොට තිබිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon