DIG නාලක අදත් CIDයට කැඳවලා

  👤  1584 readers have read this article !
Published by : MB WEB 2018-10-18 06:22:51

චාමර අමරසූරිය

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට අද (18දා) පෙරවරුවේ රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසට දන්වා ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණය පිළිබඳව ඔහුට එරෙහිව නැඟෙනා චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා දෙවැනි වරටත් රහස් පොලිසිය මේ කැඳවීම සිදුකර ඇත.

මීට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට පෙරේදා (16දා) රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසට එහි නිලධාරීන් දැනුම් දී තිබිණි.

එහෙත් එදින ඔහු රහස් පොලිසිය හමුවේ පෙනී සිටියේ නැත. තමාට ඇති පෞද්ගලික ගැටලු කිහිපයක් හේතුවෙන් ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසට නාලක ද සිල්වා මහතා සිය නීතිඥයකු මාර්ගයෙන් රහස් පොලිස් බලධාරීන්ට ලිඛිතව දැනුම් දී තිබිණි. ඒ අනුව රහස් පොලිස් නිලධාරීන් නාලක ද සිල්වා මහතාට අද (18දා) පෙරවරු 10.00ට රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසට දන්වා ඇතැයිද ආරංචි මාර්ගයන් සඳහන් කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon