බෝතලේගම අත්පන්දු ක්‍රීඩා පිටියේ උපකරණවලට මොකද වුණේ

  👤  1510 readers have read this article !
Published by : MB WEB 2018-10-18 08:14:46

ලුණුවිල - රෝස් කොලින්

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව මඟින් පාලනය වන බෝතලේගම මහජන ක්‍රීඩාපිටිය ඇතුළත විශාල වියදමක් දරා ඉදිකර තිබුණු විදුලි ආලෝක සහිත අත්පන්දු ක්‍රීඩා පිටියේ කොටස්වලට සිදුවූ දේ කුමක්දැයි මෙතෙක් සොයාගත නොහැකිව ඇතැයි ප්‍රදේශවාසීහු කියති. වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව මඟින් ක්‍රීඩා කමිටුවක්ද පත්කොට අදාළ බලප්‍රදේශය තුළ අත්පන්දු ක්‍රීඩාව නංවාලීමට කඩිනම් පියවර ගෙන තිබියදී 2011 - 2015කාලසීමාව තුළදී හදිසියේ ගලවා ඉවත් කළ අත්පන්දු ක්‍රීඩාපිටියට අයත් බඩු බාහිරාදියට සිදුවූයේ කුමක්දැයි සෙවීම එම කමිටුවේ යුතුකමක් බවද ප්‍රදේශවාසීහු කියති.

එම ක්‍රීඩා පිටියේ කොටස් ගලවා ඉවත් කළේ ඇයි? ඊට උපදෙස් දුන්නේ කවුද? එම කොටස් ගලවා ඉවත් කළේ කවුද? එසේ ගලවා ඉවත් කළ කොටස් දැනට ඇත්තේ කොතැන දැයි බෝතලේගම ප්‍රදේශය ආවරණය කරන වෙන්නප්පුව ප්‍රාදේශීය සභා මන්ත්‍රි චමින්ද කරුණානායක මහතාගෙන් විමසීමේදී ඒ මහතා කීවේ බෝතලේගම පදිංචි උදාර බුද්ධික නමැත්තකු සතුව එම කොටස් ඇති බව ඔහු තමාට දැන්වූ බවකි.

වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රි ධර්මසිරි ඇරැව්ගොඩ මහතාගෙන් මේ ගැන විමසීමේදී ඔහු කීවේ තමන් මේ සම්බන්ධව වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එවකට සිටි සභාපති හා දැනට සභාපති වන සුසන්ත පෙරේරා මහතාගෙන් විමසූ නමුත් ඒ පිළිබඳව සාර්ථක පිළිතුරක් නොලැබුණු බවය. මේ සම්බන්ධව දංකොටුව ජනපති පුරවැසි අත්වැලේ කැඳවුම්කරු හා වෙන්නප්පුව ප්‍රාදේශීය සභා මන්ත්‍රි ගෝඨාභය වික්‍රමසිංහ මහතාගෙන් විමසීමේදී ඔහු කීවේ මෙම ක්‍රීඩාපිටියට අයත් කොටස් එකිනෙක පුද්ගලයාට හිතුමතේ ගලවා ගෙන යෑමට නොහැකි බවත් ජනතාවගේ මුදලින් මේවා ඉදිකර තිබූ හෙයින් ප්‍රාදේශීය සභාවේ බලධාරීන් ඊට වගකිව යුතු බවත්ය.

තවදුරටත් වික්‍රමසිංහ මහතා කීවේ මෙම ක්‍රීඩාපිටියේ කොටස් ගලවා ඉවත් කළේ ඇයි හා එම කොටස් දැනට ඇත්තේ කොහිදැයි පසුගිය මහ සභාවේදී ප්‍රශ්න කිරීමට තමන් අදහස් කළත් මහජන නියෝජිතයන් කිහිපදෙනෙක්ම ඒ සම්බන්ධව සොයාබලා කටයුතු කරන බව තමන්ට පෞද්ගලිකව දැන්වූ හෙයින් කිසිවක් ප්‍රශ්න නොකළ බවය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon